බණ්ඩාරගම වෑවිට මෛත්‍රී මහා විද්‍යාලයේ තාක්ෂණ විද්‍යාගාරයට මුල්ගල

බණ්ඩාරගම වෑවිට මෛත්‍රී මහා විද්‍යාලයේ තාක්ෂණ විද්‍යාගාරයට මුල්ගල

අපේ රටේ අධ්‍යාපනයේ විප්ලවීය වෙනස්කම් තුනක් සිදුවූණා. යටත් විජිත බලපෑමෙන් පස්සෙ බිහි වුණ රටේ ස්ව භාෂා අධ්‍යාපනය ඇති කිරීම පළමු වන විප්ලවීය වෙනස්කමයි. සී.ඩබ්. ඩබ් .කන්නන්ගර ශ්‍රීමතානන්, එස් .ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරණායක ශ්‍රීමතානන් ගත්තු දූර දර්ශි ක්‍රියාමාර්ග නිසා ස්ව භාෂා අධ්‍යාපනය අපේ රටේ පැලපදියම් වුණා. මේ නිසා ගම්බද දුවා දරුවන් වෛද්‍යවරුන් ඉංජිනේරුවරුන් විදියට පිටරට විශ්ව විද්‍යාල වල රැකියා වලට සුදුසුකම් ලැබුවා. බණ්ඩාරගම ශ්‍රීලං.නි.ප. ප්‍රධාන සංවිධායක අධිනීතිඥ ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා පැවසුවේය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ පසුගියදා බණ්ඩාරගම වෑවිට මෛත්‍රී මහා විද්‍යාලයේ ඉදිකිරිමට යෝජිත නව තෙමහල් මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරයට මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. බණ්ඩාරගම අධ්‍යාපන කොට්ඨාසයේ ඉදිකෙරෙන ප්‍රථම මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය මෙය වේ. මෙහිදී තව දුරටත් අදහස් දැක්වු ඒමහතා මෙසේදකීය. යටත් විජිත බලපෑමත් එක්ක ඒ අධ්‍යාපනය කඩා වැටීමෙන් සීමා මායිම් පටු වුණා. උසස් පෙළ සමතුන් උපාධිධාරින් කුඩු ගහල හිරගෙවල් වල ඉන්නෙ මේ නිසයි.

මේ නිසා අධ්‍යාපනයෙ වෙනසක් ඇති කිරීම අවශ්‍යයි .තාක්ෂවේදය විෂය ධාරාව හදුන්වා දීම යටත් විජිත බලපෑමෙන් පස්සෙ බිහි වුණ රටේ දෙවන විප්ලවීය වෙනස විදියට හදුන්වන්න පුළුවන්. ඒ විප්ලවීය වෙනස ඇති කිරීමේ ගෞරවය හිමි වෙන්නේ අති ගරු මහන්ද රාජපක්ෂ මැතිතුමාටයි. මේ නිසා ප්‍රාදේශීය ලේකම්කොට්ඨාශයක ඕනෑම දරුවෙකුට සියළුම විෂය ධාරාවන් හදාරන්න ඉඩ කඩ ලැබෙනවා. කළුතර දිසා ශසනාරක්ෂක මණ්ඩළයේ ලේඛකාධිකාරි ගල්තුඩේ පඤ්ඤාකිත්ති හිමිපාණන් අනුශාසනා කතාව පැවැත් වූ අතර විදුහල්පති ගාමිණි තිස්ස මහතා පිළිගැනීමේ කතාව පැවැත්විය.

පළාත් සභා මංත්‍රීවරුන් වන නිමල් චන්ද්‍රරත්න, ලලිත් එල්ලාවල යන මහත්වරුද මෙහිදි අදහස් දැක්වූහ. කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂක ජී.කේ.ටී.පෙරේරා මහතා ඇතුළු අවට පාසැල් වල විදුහල්පතිවරුන් මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා