කෑගලු කොහොඹා කංකාරියට පාසල් සිසුන්ට ආරාධනා

කෑගලු කොහොඹා කංකාරියට පාසල් සිසුන්ට ආරාධනා

කෑගල්ල, මීපිටිය, රෝයල් ජාත්‍යන්තර පාසලේ දී කොහොඹා කංකාරි ශාන්තිකර්මයක් අද (18) පැවැත්වේ.

ජනාධිපති සම්මානලාභී නර්තනාචාර්ය සිරිසේන පඬිවිට මහතාගේ මුලිකත්වයෙන් පැවැත්වෙන මෙම ශාන්තිකර්මය රෝයල් ජාත්‍යන්තර පාසලේ නර්තන ආචාරිනී අචිනි අරඹේවත්ත මහත්මිය ඇතුළු පාසලේ නර්තන අංශය විසින් මවුපියන්ගේද සහභාගිත්වයෙන් සංවිධානය කර ඇත.

කලකින් දැක ගැනීමට නොලැබෙන මෙම කොහොඹා කංකාරි ශාන්ති කර්මය පිළිබඳ මෙදින පෙරවරුවේ රෝයල් ජාත්‍යන්තර පාසලේ දී පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ද සංවිධානය කර ඇත.

එම වැඩමුළුවට සහභාගිවීමට කෑගල්ල නගරය අවට පාසල්වල සිසු සිසුවියන්ට ආරාධනා කර ඇතැයි කෑගල්ල රෝයල් ජාත්‍යන්තර පාසලේ අධ්‍යක්ෂ ආචාර්ය නිව්ටන් පීරිස් මහතා පැවැසීය.

මෙම කොහොඹා කංකාරි ශාන්තිකර්මය මෙදින රාත්‍රී 7.30 සිට පසුදා පහන්වනතුරු මීපිටිය රෝයල් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ‍ෙය් දී පැවැත්වේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා