ගල්පාය විදුහලේ සිසුන් 7ක් ගෙඩි වර්ගයක් කා රෝහලේ

ගල්පාය විදුහලේ සිසුන් 7ක් ගෙඩි වර්ගයක් කා රෝහලේ

පල්ලේබැද්ද ගල්පාය විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුන් හත්දෙනෙකු කිසියම් ගසක ගෙඩි වර්ගයක් ආහාරයට ගැනීම නිසා රෝහල්ගත කර තිබේ.

කනේරු විශේෂයක් ආහාරයට ගත් බව ආරංචි පැතිරී ගියද ‍ෙතල් ‍එ‍ඬරු ‍ගෙඩි සිසුන් ආහාරයට ගෙන ඇතැයි වෛද්‍ය පරීක්ෂණවලදී හෙළිවී තිබේ. පල්ලේබැද්ද රෝහලට පෙරේදා 28 සවස ඇතුළත් කළ සිසුන් පසුව ඇඹිලිපිටිය මූලික රෝහලට මාරුකරනු ලැබූහ. රෝහල්ගත කර සිටින සිසුන්ගේ තත්ත්වය බරපතළ නැතැයි රෝහල් ආරංචිමාර්ග කියයි. මේ සම්බන්ධව පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා