ජා-ඇළ ප්‍රදේශයේ සොර බියක්

ජා-ඇළ ප්‍රදේශයේ සොර බියක්

ජා-ඇළ ප්‍රදේශය පුරා මෑතකදී සිට සොර බිය පැතිරෙමින් පවතින බැව් කඳාන සහ ජා-ඇළ පොලිසියට මහජන පැමිණිලි ලැබී ඇත.

ඉතාමත් සූක්ෂම ආකාරයෙන් හොරුන්

ගෙවල් බිඳීම සිදු කරන බවට එම පැමිණිලි වලින් හෙළිවෙයි. බොහෝමයක් ගෙවල් බිඳීම් සිදුව ඇත්තේ මධ්‍යම රාත්‍රියේ සොරු විසින් නිවෙස් හිමියන්ට සහ ගෙවල්වල ආරක්ෂක සුනඛයන්ට තද නින්දකට යෑමට විෂ දුමක් පතුරුවා ගෙතුළට පැන රන් ආභරණ සහ මිල මුදල් කොල්ලකා යන බවට ආරංචි ලැබී ඇත.

කලඑළිය ප්‍රදේශයේ නිවෙස් 3කට වහලෙන් බැස විෂ දුම පතුරුවා රු. ලක්ෂ 5කට අධික වටිනාකම් ඇති රන් ආභරණ සොරකම් කරගෙන ගොස් ඇති බැව් පැවැසෙන අතර තවත් නිවෙස්වලට වහලෙන් විෂ දුම පතුරුවා දොරවල් කඩා නිවෙස් සුද්ධ කර ඇති බැව්ද අනාවරණය වෙයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා