ජරා වතුරෙන් කෑම උයපු මුදලාලි අමාරුවේ

ජරා වතුරෙන් කෑම උයපු මුදලාලි අමාරුවේ

හෝටලයේ ආහාර පිසීම සඳහා දුගඳ හමන අපවිත්‍ර ජලය යොදාගැනීමේ චෝදනාව මත අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කළ මීරිගම හැලගල හෝටල් හිමියෙකුට අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත් ජගත් චන්දිමාල් ප්‍රේමරත්න මහතා රු. 10,000 ක දඩයක් නියම කළේය.

පාරිභෝගිකයින්ගෙන් ලැබුණු තොරතුරු අනුව මීරිගම, කල්එළිය, පස්යාල සහ අඹේපුස්ස කොට්ඨාස භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 4 ක් විසින් හෝටලය පරීක්ෂා කර නඩු පවරා තිබිණ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා