රුපියල් ලක්ෂ 4400ක ප්‍රතිපාදන මත කළුතර ‘දිවි මංපෙත’ වැඩසටහන ක්‍රියාවට

රුපියල් ලක්ෂ 4400ක ප්‍රතිපාදන මත කළුතර ‘දිවි මංපෙත’ වැඩසටහන ක්‍රියාවට

මහාමාර්ග, වරාය හා නාවුක කටයුතු පිළිබඳ ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ අදහසකට අනුව කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරි වසම් 87ම ආවරණය වන පරිදි “දිවි මංපෙත” නමින් සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කැරේ.

මෙම වර්ෂය තුළ ක්ෂේත්‍ර හයක් ඔස්සේ ක්‍රියාවට නැංවෙන “දිවි මංපෙත” වැඩසටහන සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් කළුතර ප්‍රා‍ෙද්ශීය ලේකම් කොට්ඨාසය වෙනුවෙන් රුපියල් ලක්ෂ 4400 ක ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කෙරේ.

දිවි නැඟුම හා ගම නැඟුම යන වැඩසටහන්, සුළු වාරිමාර්ග සංවර්ධනය, ග්‍රාමීය පාලම් හා ප්‍රවේශ මාර්ග ඉදිකිරීම, ග්‍රාමීය පාසල්වල සනීපාරක්ෂක කටයුතු, වන සම්පත් සංවර්ධනය හා පළාත් නැඟුම යන ක්ෂේත්‍ර මේ යටතේ සංවර්ධනය කිරීමට නියමිතය.

කළුතර දිස්ත්‍රික් ලේකම් යූ. ඩී. සී. ජයලාල්, කළුතර ප්‍රාදේශීය ලේකම් විමල් ගුණතුංග මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම “දිවි මංපෙත” 2014 ක්‍රියාකාරි සංවර්ධන සැලැස්ම සඳහා කළුතර නගර සභා හා කළුතර ප්‍රා. සංවර්ධන නිලධාරින්, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් හා සමෘද්ධි සංවර්ධන නිලධාරින් පූර්ණ සහය ලබාදේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා