හොර සිල් ගත් මාතුපාලට උන්හිටි තැන් අමතක වෙයි

හොර සිල් ගත් මාතුපාලට උන්හිටි තැන් අමතක වෙයි

මාතුපාල බුලත්, අන්නාසි වගා කරන අයෙකි. ඒ සමඟම කිරි හරක් ව්‍යාපාරය ද සාර්ථකව කරන අයෙකි. නිති පන්සිල් රකින මාතුපාල සතර පෝයටම සිල් ගනී.

සිල් සමාදන් වන දිනයේ හරකුන් බලා ගැනීම බිරිය සිරියාවතී බාර ගනී. ප්‍රදේශයේ ගිහි පිරිත් කණ්ඩායමේ සාමාජිකයෙකු ද වන මොහු මතින් මසින් තොර අයෙකි. කිරි හරක් ව්‍යාපාරයේ යෙදී සිටින තවත් කීපදෙනෙකුම මොහු ඇසුරු කරති. මාතුපාල ඔවුන් සතු කිරි ගවයින් වයසට ගිය පසු ගව ඝාතකාගාරයට යාමට නොදී මිලදී ගෙන ඇත. පළාත්වල හිතවතුනට රැකබලා ගැනීමට බාරදේ. මාස 2 – 3ට වරක් හෝ දෙවරක් මොහු ලොරියක පටවා ගත් සතුන් රැගෙන යනු ගමේ සැවොම දනී. කාගෙත් හොඳ හිත දිනා සිටින මාතුපාල ගැන කිසිවෙක් සැක නොකරති.

මාතුපාල මෙසේ සිල් සමාදන් වූ එක් පෝය දිනක ධර්ම ශාලාවේ සිටිද්දී ඔහුගේ ජංගම දුරකථනය නාද විය. උන්හිටි තැන අමතක වූ මාතුපාල “මම පන්සලේ සිල් අරන් ඇයි මුදලාලි රත්ති 15ට අඩු නෑ”යැයි පැවැසීය. ඉන්පසු නැවතත් “හා එහෙනම් 14ට දෙන්නම්. අද පෝය බැංකු වහලානේ.

හෙට මගේ එකවුන්ට් එකට ෂුවර් එකට සල්ලි දාන්න. චාලි අයියාගෙ ලොරියට පණිවිඩය දෙන්න”යැයි ද කීය. දුරකථනය විසන්ධි කළේය. වටපිට බැලූ මාතුපාලට පන්සලේ බව මතක්වුනේ පසුවයි. මේ දෙබස හොඳින් ඇසුණු උපාසක මහතුන් කීපදෙනකු මාතුපාල අයියෙ... මොකක්ද ඒ බිස්නස් එක... හරකෙක් මසට වික්කා නේද... ඉන්නවා අපි ලොකු හාමුදුරුවන්ට මේ ගැන කියනවා යැයි දැන්වීය.

මෙතෙක් බෝසත්වරයෙකු ලෙසින් රඟපෑ මාතුපාල දින 2 – 3ට පසු ගමෙන් අතුරුදන් වී තිබේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා