පෝස්ටර්-බැනර් නැතුව කළුතරින් පළමු තැනට එනවා

පෝස්ටර්-බැනර් නැතුව කළුතරින් පළමු තැනට එනවා

එජනිස හිටපු මන්ත්‍රී නිමල් චන්ද්‍රරත්න

මැතිවරණ දේශපාලන කාලය අවසන් වෙන කොට ගහ මරා ගැනීම්, භේද භින්නවීම් ගොඩයි. මනාප ගොඩයි. එකම පක්ෂයේ අය ඇන කොටා ගෙන තරහකාරයො වෙනවා. මේක අවසන් කරන්න ඕනෑ යැයි හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිමල් චන්ද්‍රරත්න මහතා පසුගියදා බණ්ඩාරගම දී පැවසුවේය.

නිමල් චන්ද්‍රරත්න මහතා මෙසේ පැවැසුවේ මෛත්‍රී ශාලාවේදී පැවැති ඉදිරි පළාත් සභා මැතිවරණ කටයුතු පිළිබද තම පාක්ෂිකයින් දැනුවත් කිරීමේදීය.

බණ්ඩාරගම ශාසනාරක්ෂක බල මණ්ඩළයේ සභාපති අරුක්ගොඩ සිරිරතන හිමිගේ අනුශාසකත්වයෙන් පැවැති මේ වැඩසටහනේදී තවදුරටත් අදහස් දැක්වූ නිමල් චන්ද්‍රරත්න මහතා - මේ ඇන කොටා ගැනීමේදී බණ්ඩාරගම ආසනයෙ අපේ චන්දදායකයො, අපේ තරුණ කොල්ලො ටික විනාශවෙනා.

මට ඔවුන් ආරක්ෂා කර ගන්න ඕනෑ. ඒ නිසා මැතිවරණයෙදී පෝස්ටර්, බැනර්, කටවුට්, ඉටි කොල, සංගීත සංදර්ශන, පෙලපාලි මේ සේරම නතර කරන්න. නිමල් චන්ද්‍රරත්නට කළුතර දිස්ත්‍රික්කයෙන් එකට එන්න පෝස්ටර් ඕන නෑ. වැඩ කරල තියෙනව නම් පෝස්ටර් ඕන නෑ.

පාසල් පද්ධතියට මට ලක්ෂ 250යි අවුරුදු 5ටම ලැබෙන්නේ. ඒත් මම ලක්ෂ 3050ක් බණ්ඩාරගමට ගෙනාවා. වැහෙන්න ගිය ඉස්කෝළ 8ක් ගොඩ ගත්ත.අද ලංකාවෙ ද්විතික පාසල් පහක් ඇති කළ ආසන වලින් විද්‍යාගාර පහම අවසන් කළේ බණ්ඩාරගම විතරයි. බන්දුල ඇමතිතුමා ඒකට උදව් කළා.

අද අලුත්ම ඉස්කෝලයක් හදන්න ලෑස්ති කරල තියෙනවා.මේ ඉස්කෝලෙට කෝටි තුනක ඉඩමක් මුස්ලිම් ජනතාව අරන් දුන්නෙ ඒ අයගෙ කනකර උගස් තියලයි. මේ ඉස්කෝලෙ පංති කාමර අටයි.

එක ශ්‍රේණි අටයි. ග්‍රාමීය දෙමළ පාසල් දෙකක් මේ වෙන කොට හොදම තත්වයට ගේන්න කටයුතු කරල තියෙනව. කළුතර දිස්ත්‍රික්කෙ පාසල් අතුරින් බස්නාහිර පලාතෙ හොදම පාසල විදියට තේරුනේ රේරුකාන කනිෂ්ඨ විද්‍යාලයයි. මම බණ්ඩාරගම ආසනයෙ පාසල් ටිකට පහසුකම් දිල හොදම තත්වයට ගේන්න කටයුතු කරල තියෙනව කියන එක කියන්න කැමතියි.

මම හොරකම්, වංචා, ගසාකෑම් කරපු කෙනෙක් නෙමෙයි. මගෙ දරුවො වෙනුවෙන් ඉල්ලා හිටින්නෙ මට කියන වෝදනා අවලාද වලට කිසි වැරදිකාරයෙක් නෙමෙයි මම. ඔය චෝදනා එකකින්වත් මේ ජයග්‍රහණය නතර කරන්න කාටවත් ඉඩ ලැබෙන්නෙ නෑ. මෙහිදි වසර 31ක් ක්‍රියාකාරි දේශපාලනයේ නියැලුනු එජාප. ජාතික සේවක සම්මේලනයේ සංවිධායක ලෙස කටයුතු කළ අගුරුවාතොට උඩුවර ජි. ලාලිත් පද්මිණි මහත්මිය එජනිසට එකතු විමද සිදු විය. වල්ගම ශ්‍රී සද්ධාතිස්ස විදුහලේ විදුහල්පති වීදාගම කස්සප හිමිපාණෝ ,හොරණ නගර සභාවේ උප සභාපති ජාලිය කුලසිංහ මහතා ඇතුළු කිප දෙනෙක් මෙහි දි අදහස් පල කළහ.බණ්ඩාරගම ආණ්ඩු පක්ෂ මංත්‍රිවරු ඇතුළු බණ්ඩාරගම ආසනයේ පාක්ෂිකයෝ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ. ඡායාරූප - හල්තොට සමූහ

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා