කුස්වල වෙද හාමුදුරුවෝ මෙලොව පහළ වූ ඉසිවරයෙක්

කුස්වල වෙද හාමුදුරුවෝ මෙලොව පහළ වූ ඉසිවරයෙක්

දරුණු ශාරීරික රෝගයකින් සුවය ලද - පත්මලතා කෝරලේගෙදර

බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සුවකිරීමට නොහැකිව දෑස් ඉදිරිපිට මරණය පෙනි පෙනී ඔත්පලව වැතිර හුන් අසාධ්‍ය රෝගීන්ට නැවත පණ දුන් යතිවරයාණන් වහන්සේ නමක් පිළිබඳව පසුගිය දිනෙක හෙළි කළෙමු. ඒ යතිවරයාණන් වහන්සේ නමින් මහ ඇලගමුවේ ලංකා නන්ද හිමියන් වන අතර උන් වහන්සේ ජනතාව අතර ප්‍රචලිතව ඇත්තේ කුස්වල වෙද හාමුදුරුවෝ නමිනි.

මහඇලගමුවේ ලංකානන්ද හිමි (කුස්වල වෙද හාමුදුරුවෝ)

බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රතිකාර කර ඉන් සුවයක් නොලැබ මරණය අභියසට ගිය තවත් එවැනිම රෝගියකුට කුස්වල වෙද හාමුදුරුවෝ දේශීය වෙදකමින් යළි ජීවය දුන් සංවේදී කතා පුවතකි මේ.

පත්මලතා කෝරලේගෙදර අනුරාධපුර කහටගස්දිගිලියේ උපන්නියකි. පවුලේ බඩපිස්සිය වූ ඕ අධ්‍යාපනය ලැබුවේ කහටගස්දිගිලිය විද්‍යාලයෙනි.

පාසල් වියේදී දක්ෂ මලල ක්‍රීඩිකාවක වූ පත්මලතා සිය දක්ෂතා සඳහා කුසලාන ද දිනා ගෙන තිබේ. අ.‍ෙපා.ස. උ/පෙ. විභාගයෙන් අධ්‍යාපනය හමාර කළ පත්මලතා නිවසේ වැඩිමහල් සොයුරු සොයුරියන් සමඟ ගත කළ ඇගේ යොවුන් විය පිළිබඳව සිහිවත් කරන්නේ සතුටිනි.

ගෙදරින් ගෙන ආ යෝජනාවකට අනුව පත්මලතා ට විවාහවීමට සිදුවූවය් 31 වන වියේදීය. ඒ සිය සම වයසේම හුන් මාකොළ ප්‍රසන්න සංජීව සමඟ ය.

ප්‍රසන්න සමඟ මාකොළ මහගෙදර, යුග දිවිය සතුටින් ගතකල පත්මලතාට පළමු දරුවා ලැබුනේ විවාහවී වසර 3කට පසුවය. . කුළුඳුලේම නිවුන් දරුවන් දෙදෙනකු බිහිකළ පත්මලතා තම කිරිකැටි දරුවන් සමඟ පවුල් දිවිය ‍ගතකලේ උපරිම සතුටිනි..

එහෙත් මේ සියලු සොඳුරු මාලිගා තුළ දිනක ඈ අතරමං වූවාය. ඒ මහා මූසල රාත්‍රිය ගැන පත්මලතා කීවේ මේ අයුරිනි.

“දවසක්” මට පාන්දර දෙකට විතර ඉබේටම ඇහැරුණා. ම‍ෙග් දරු දෙදෙනයි මහත්තයයි හොඳටම නිදි. ම‍ෙග් කකුල් අතපය සේරම හිරිවැටිලා. ඇඟිල්ලක්වත් හොලවන්න බැහැ. පස්සෙ මම කෑ ගැහුවා මට මොනවද වෙලා කියලා. ගෙදර අය කලබ‍ලවෙලා සේරම කාමරයට ආවා. කාටවත් හිතාගන්න බැහැ මේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මම ඇ‍ඳේ උඩුබැලි අතට එහෙමම ඉන්නවා. ගෙදර අය මාව නැගිට්ටවන්න උස්සන්න පෙරළන්න මහන්සි වෙනවා. ඒත් ඒ කිසිම දෙයක් මට දැනෙන්නවත් නැහැ. හුස්ම ගන්න බැරිව පපුව හිරවෙනවා.

 පත්මලතා දරු දෙදෙනා සමඟ සතුටින්

පස්සෙ ගෙදර අය සේරම එකතු වෙලා මාව උස්සගෙන කිරිබත්ගොඩ රෝහලට අරගෙන ගියා. කිරිබත්ගොඩ ඉස්පිරිතාලේ දොස්තර මහත්තුරු මාව බලලා මහරගම පිළිකා රෝහලට ගෙනියන්න කියලා තුණ්ඩුවක් දුන්නා. ගෙදර අපි කවුරුවත් කැමැති වුණේ නැහැ මහරගම යන්න.

මහරගම කියූ සැනින් ඔවුන්ට දෙවියන් සිහිවිය. මහරගම නොගිය හේතුව කුමක්දැයි ඇසූවිට පත්මලතා කීවේ.

‘මහරගම යනවා කියන්නේ ජීවිතය ගැන බලාපොරොත්තුවක් නැහැ කියන එකනේ. ඒත් බොහොම අහිංසකව ජීවිත ගෙවන අපිට මහරගම යන්න ඕනෙ නැහැ කියලා හිතලා අපි කොළඹ මහා රෝහලට ගියා. එතන හිටපු ඩොක්ටර්ලා කීවේ මගේ ස්නායු පද්ධතියට විෂබීජයක් ගිහින් කියලයි.

පපුවේ අමාරුවට බෙහෙත් දුන්නා. ඉස්පිරිතාලෙ නවත්තා ගත්තා. දවස් 10 ගියාම පපුවේ හිරවෙන ගතිය ටිකක් අඩුවුණා. පස්සේ මාව ගෙදර එව්වා. ව්‍යායාම කරන්න කියලා උපදෙස් දුන්නා. වෙන ප්‍රතිකාරයක් තිබුණේ නැහැ.

ව්‍යායාම කරන්න අතපය උස්සන්නවත් බැහැ. වැසිකිළි කැසිකිළි ගියෙත් පැම්පර්ස් පාවිච්චි කරලා. හැමදේම කළේ ඇ‍ඳේ. සමහර දවස්වලට මාව උස්සගෙන ගිහින් වැසිකිළියේ වාඩි කරවනවා. නමුත් මල පහවෙනවා. මුත්‍රා පිටවෙනවා මට දැනෙන්නේ නැහැ. ඒ නිසා මම අපා දුකක් වින්දේ.

ගෙදර හැමෝම මගේ ආවතේව කරන්න ගත්තා. පුංචි දරුවො දෙන්නට අවුරුද්දක් විතර ඇති. ඒ අය මාව හඳුනන්නෙවත් නැති ගාණට හිටියේ. ඒ අය අම්මා කියලා මගේ ගාවට එන්නේ නැහැ. එයාලා වඩාගෙන අතපත ගාලා හුරතල් කරන්නවත් මට විදියක් නැහැ. මුළු දවසම හැඬු කඳුළින් තමයි මම ගතකෙරු‍වේ.

ජීවිතය ජීවත් කරවන්නට කිසිදු බලාපොරොත්තුවක් පත්මලතාට නොවී ය. ඒ අතරේ බෝධි පූජා, බලිතොවිල් යාග හෝම ආදියෙන්ද පත්මලතාගේ ජීවිතයට ශාන්තියක් ළඟා කර ගන්නට ගෙදර සියල්ලෝම වෙහෙසුණහ. ආගම දහමට අනුව සිය ජීවිතය ගොඩනඟා ගෙන හුන් පත්මලතාගේ පවුලේ සැමට අන් අස්වැසිල්ලක් නොවීය.

රෝගාතුරව හුන් පත්මලතාගේ ආවතේව කටයුතු නිසා ඇගේ සැමියා වූ ප්‍රසන්නගේ රැකියාව ද අහිමි විය. කළ හැකි අන් කිසිවක් නැත. බිරියගේ රෝගී තත්ත්වය නිසා පවුලම අන්ත අසරණ තත්ත්වයට පත්විය. එහෙත් මේ සියලු දුක්ඛ දෝමනස්සයන් අතරේ පත්මලතාගේ පවුලේ අයට සැනසිලිදායක ආරංචියක් ලැබිණි. ඒ කුස්වල වෙද හාමුදුරුවන් ගැනය.

“... අපේ පවුලේ කිසිම කෙනෙකුට බලාපොරොත්තුවක් තිබුණේ නැහැ මගේ ජීවිතය ගැන. දවසක් රූපවාහිනියෙන් දැක්කා කුස්වල වෙද හාමුදුරුවෝ ගැන වැඩසටනක් යනවා. ඒ වැඩසටහනේදී කීවා සුව කළ නොහැකි පිළිකා, හෘද රෝග, දියවැඩියාව, මානසික රෝග ස්නායු රෝග, වකුගඩු රෝග අංශභාගය මීමැස්මොරය, ගැස්ට්‍රයිටීස් හන්දිපත්රුදාව වගේ ශරීරයේ සියලුම රෝගවලට ප්‍රතිකාර කරනවා කියලා ඉතින් පවුලේ අය මාව වත්තම් කරගෙන රද්දොළුගම කුස්වල ශ්‍රී පුෂ්පාරාමයට ගියා.

ඒ ගිය වෙලාවෙ හාමුදුරුවෝ මගේ වෛද්‍ය වාර්තා බැලුවා. ඒවා බලලා මට පෙති වර්ග 4ක් දුන්නා. අරිෂ්ඨ දුන්නා. ඒවා පාවිච්චි කරන පිළිවෙළ කියලා දුන්නා. අපි ගෙදර ඇවිත් හාමුදුරුවෝ කියපු විදියට බෙහෙත් බිව්වා. පළවෙනි බෙහෙත් වඩියෙන්ම මගේ ඇඟට මොකක්දෝ වෙනසක් දැනුණා. පස්සේ අත්පාවල හිරිගතිය අඩුවෙලා යාන්තම් දැනෙන්න පටන් ගත්තා. ටිකක් ඔළුව උස්සන්න පුළුවන් වුණා. බෙහෙත් බොන්නත් කිසිම අපහසුවක් තිබුණේ නැහැ.

ඇ‍ඳේ වැතිර හිටිය මාව උස්සල රෝද පුටුවෙන් තිබ්බා. රෝදපුටුවෙන් මට ටික ටික එහෙ මෙහෙ ගේ ඇතුළෙ යන්න පුළුවන් වුණා. මම හිස ඔසවලා ඉන්න එකත් පවුලේ අයට පුදුම සතුටක් වුණේ.

ප්‍රසන්න හා පත්මලතා විවාහා වූ දා

සොඳුරු දිවියක් ගත කළ පත්මලතාගේ අතීතය නැවත විඳින්නට හැකි බලාපොරොත්තු ටිකෙන් ටික මෝදු වන්නට විය. සති දෙකකට වරක් කුස්වල වෙද හාමුදුරු‍වන් ඉදිරියේ තම රෝගී තත්ත්වය පෙන්වූ පත්මලතාට මෙලොව සිටින තම ගැලවුම්කාර ඉසිවරයාණන් වහන්සේ කුස්වල වෙද හාමුදුරුවන් බව පසක් විය.

රෝද පුටුවෙන් අත්වාරුවටත් අත්වාරුවෙන් තවත් අයකුගේ දෑතේ වාරුවටත් ටිකෙන් ටික මාරුවෙමින් තම සිරුර තමාට පාලනය කරගත හැකි මට්ටමට එනවිට පවුලේ සියල්ලන්ම සැනසුම් සුසුම් හෙළුවෝය.

ඇත්තටම දැන්නම් මට පුදුම සහනයක් තියෙන්නේ. දැන්මගේ අත්පාවලට හොඳට දැනීමක් ති‍ෙයනවා. හිටගෙන ඇවිදින්න පුළුවන්. මගෙ දරු පැටව් දෙන්න තුරුළට අරගෙන හුරතල් කරන්න පුළුවන්. මට මගේ අම්මා වුණේ නැන්දම්මා. කුස්වල වෙද හාමුදුරුවෝ වෙදකම කළත් හෙදකම කළේ මගේ නැන්දම්මයි මාමණ්ඩියයි.

පවුලේ අගහිඟකම් බොහෝම ඇතිවුණා. මහත්තයාගේ රස්සාව නැතිවුණා. මහත්තයාගේ තාත්තා කරපු සුළු රැකියාවෙන් තමයි මේ හැමදෙයක්ම අපට කරන්නට සිදුවුණේ අගහිඟකම් ඇතිවුණ හැම වෙලාවකම මහත්තයාගේ තාත්තා වැඩ කරන 4 කණුවේ පෙට්‍රල් ෂෙඩ් එකේ අබේසිංහ මහත්තයා උදව් කළා.

මට දැන් ජීවිතයක් තියෙනවා මගේ මහත්තයාටත් දැන් රස්සාවක් ලැබුණා.

බටහිර වෙදකම පස්සේම හැමෝම දුවනවා ඒත් අද දේශීය වෙදකම මොන තරම් දියුණුද? බටහිර වෙදකමෙන් කරන්න බැරි මොනතරම් දේවල් දේශීය වෙදකමෙන් කරල අපි වගේ අසරණ රෝගීන් සුවපත් කරන්න පුළුවන් නේද? කියලා මට අනන්ත ‍වාරයක් හිතුණා.

මම නම් කියන්නේ කුස්වල වෙද හාමුදුරුවො මෙලොවට පහළ වෙච්ච ඉසිවරයෙක් කියලයි. කවදාවත් උන්වහන්සේ අපේ ජීවිතවලින් ඈත්වෙන්නේ නැහැ. ආගම දහමට අනුව අපි ජීවත් වෙන නිසා අපේ පිනට උන්වහන්සේ අපිට ලැබුණා. පිනක් දහමක් කරන හැම වෙලාවකම උන් වහන්සේට දීර්ඝතම ආයු ලැබෙන්න කියලයි අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නෙ.

කිසිම කෙනෙකුට මට වගේ දුකක් නම් වෙන්නම එපා. කුස්වල වෙද හාමුදුරු‍වෝ ගැන අපි දන්න නාඳුනන හැම කෙනෙකුටම කියනවා. උන්වහන්සේ කිසිම කලෙක ජරාවකට ව්‍යාධියකට පත්වෙන්නේ නැහැ මේ කරන කුසල කර්මයෙන්, සුවය ලැබූ පත්මලතා මහත්මිය පවසන්නීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා