මිස්ටර් කැන්ඩි මාගිනාරච්චි

මිස්ටර් කැන්ඩි මාගිනාරච්චි

මිස්ටර් කැන්ඩි මගිනාරච්චි (මැද), දෙවැනියා බස්නායක (වමේ) හා ෆසීල් (තෙවැනියා), මධ්‍යම පළාත් කායවර්ධන සංගමයේ ලේකම් කීර්තිරත්න ද සිල්වා, ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ උප සභාපති එච්.එම්. ආර්. කේ. ජයසුන්දර, කායවර්ධන සභාපති කේ. එච්. කපිල කුමාර, මධ්‍යම පළාත් කායවර්ධන සංගමයේ සභාපති ආර්. එම්. බණ්ඩාර හා භාණ්ඩාගාරික කේ. ඒ. පී. කේ. අබේවර්ධන මහත්වරුන් සමග.

මධ්‍යම පළාත් කායවර්ධන සංගමය, ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ සංවිධාන කළ මිස්ටර් කැන්ඩි අයෝමය ශූරයා ලෙස පවර් රික්රේ‍ට් ක්‍රීඩා සමාජයේ පී. කේ. මාගිනාරච්චි සම්මාන ලැබීය.

දෙවැනි ස්ථානය බී. ආර්. පී. එම්. බස්නායක හා එෆ්. එම්. ෆසීල් තෙවැනි ස්ථානය දිනාගත් අතර මේ ක්‍රීඩකයන් දෙදෙනාද පවර් රික්රේට් ක්‍රීඩා සමාජය නියෝජනය කිරීම විශේෂත්වයක් විය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ශ්‍රී ලංකා කායවර්ධන හා ‍ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති කේ.එච්.කපිල කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ත්‍රිත්ව විද්‍යාල ප්‍රධාන ශාලාවේදී තරගාවලිය පැවැත්විණි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා