වරෙන්තු දහසයි තවත් වැරැද්දක් කරලා

වරෙන්තු දහසයි තවත් වැරැද්දක් කරලා

වරෙන්තු දහසක් ලබා සිටි පුද්ගලයකු මීටියාගොඩ ප්‍රදේශයේ කුරුඳුවාඩියක් බිඳ රුපියල් විසිහතර දහස් තුන්සියක් වටිනා කුරුඳු තොගයක් සොරකම් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන බළපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන මස (25) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

එසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ බටපොල ඉලුක්පිටිය පදිංචි පුද්ගලයෙකි. සැකකරු මත්කුඩු ළඟ තබා ගැනීම, සොරකම් කිරීම ආදී චෝදනා සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු දහයක් නිකුත් කර තිබියදී මීටියාගොඩ ප්‍රදේශයේ කුරුඳු වාඩියක් බිද කුරුඳු තොගයක් සොරකම් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් පොලීසිය කරුණු කියා සිටියේය.

මීටියාගොඩ පොලීසිය පැමිණිල්ල මෙහෙයවීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා