කසිප්පුවලට උඩගෙඩි දෙන පොලිසියට දඹුල්ලේ දී විරෝධය

කසිප්පුවලට උඩගෙඩි දෙන පොලිසියට දඹුල්ලේ දී විරෝධය

දඹුල්ල විහාරහන්දිය ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවත්වාගෙන යන නීතිවිරෝධී කසිප්පු තිප්පොළවල් තුන නවතා දමන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීහු පිරිසක් පසුගියදා උදේ දඹුල්ල විහාරහන්දිය ප්‍රදේශයේ දී විරෝධතාවයක නිරත වූහ.

විරෝධතා බැනර් පෝස්ටර් ප්‍රදර්ශනයකරමින් කෑකෝ ගසා කියා සිටියේ කසිප්පු ජාවාරම නතර කරන ලෙසයි. කසිප්පු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ‍ගන්න‍ා පොලිසිය ජාවාරම්කරුවන් වෙනුවට වෙනත් පිරිස් නීතියට ඉදිරිපත් කරන බවද ඔවුහු පැවසූහ.

පොලිස් නිලධාරීන්ගේ අයථා ක්‍රියාමාර්ග නිසා කසිප්පු ජාවාරම්කරුවන් ශක්තිමත් වී සිටින බවද ඔවුහු ‍චෝදනා කරති.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා