අරක්කු බෝතලය ඇතුළේ සුදු පාට කුණු කෑල්ලක්

අරක්කු බෝතලය ඇතුළේ සුදු පාට කුණු කෑල්ලක්

අනුරාධපුර නගරයේ සතිපොළ අසල (වයින් ස්ටෝර්ස්) රටබීම හලකින් මිලට ගත් රු. 890ක් වටිනා මිලි. 750ක් අඩංගු අරක්කු බෝතලයක හදුනා නොගත් කිසියම් ද්‍රව්‍යයක් අඩංගු වී තිබීම නිසා එය පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් ඒකකය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරිහු හදුනා නොගත් ද්‍රව්‍ය සහිත එම මත්ද්‍රව්‍ය බෝතලය වහාම අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අදාළ මධ්‍යසාර බෝතලය රස පරික්ෂණ වාර්තාවක් ලබාගැනීම සඳහා රස පරික්ෂක වෙත යවා ඇතැයි පාරිභෝගික අධිකාරියේ දිස්ත්‍රික් ඒකක ප්‍රධාන බී.ඒ.සී.පී. පෙරේරා මහතා පැවැසීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා