රද්දොළුගම නිවාස සංකීර්ණයට කිවුල් වතුර ලුණු රස තිබුණට විස නෑ - මණ්ඩලය

රද්දොළුගම නිවාස සංකීර්ණයට කිවුල් වතුර
ලුණු රස තිබුණට විස නෑ - මණ්ඩලය

රද්දොළුගම නිවාස සංකීර්ණයේ නිවැසියන්ට ජලසම්පාදන මණ්ඩලය මඟින් සපයනු ලබන පානීය ජලය ලවණ රසයෙන් යුක්ත වීමෙන් රද්දොළුගම නිවැසියෝ මේ දිනවල පානීය ජල හිඟයකට මුහුණ පා සිටිති.

රද්දොළුගම නිවාස සංකීර්ණයට දඬුගම්ඔයෙන් සපයන නළ ජලයට මේ දිනවල පවත්නා දැඩි නියගය නිසා මීගමුව කලපුවේ කිවුල් රසැති ජලය මිශ්‍රවීම නිසා මේ තත්ත්වය උදාවී ඇතැයි තතු දත් අය පවසති. එසේ වූවද දැනට සපයනු ලබන පානීය ජලය ලවණ රසයෙන් යුක්ත වූවත් එම ජලය විස රහිත බව රද්දොළුගම ජලසම්පාදන මණ්ඩලය පවසයි.

රද්දොළුගම නිවැසියන්ට පානීය ජලය සපයා ගැනීමට කණින ලද ළිං නොමැත. දැනට සපයන ජලය බීමට හෝ ආහාර පිසීමට නුසුදුසු නිසා නිවැසියෝ අවට ගම්වල ළිං සොයා යමින් පානීය ජලය රැගෙන යති. නිවාස 2022 කින් සමන්විත හා 10000කට අධික ජනගහනයකින් යුත් රද්දොළුගම නිවැසියනට ගෙවී ගිය වසර 31ක කාලය තුළ අවස්ථා රැසකදීම මේ ගැටලුවට මුහුණදීමට සිදුවිය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා