මිනුවන්ගොඩ ජේ‍යෂ්ඨ පුරවැසි සංවිධානයේ වැඩිහිටි දින උත්සවයදා...

මිනුවන්ගොඩ ජේ‍යෂ්ඨ පුරවැසි සංවිධානයේ වැඩිහිටි දින උත්සවයදා...

රජය මගින් මහාමාර්ග, රෝහල්, පාසල්, ඇතුලු කෙතරම් සංවර්ධනයක් රටතුළ ගෙන ගියත් බනින උදවිය ගෙන් අඩුවක් නැහැ. ඒනිසා බැනුම් අසන්න බැරිනම් දේශපාලනය කරන්නත් බැහැ යයි බස්නාහිර ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා මිනුවන්ගොඩ පැවති ජෙෂ්ඨ පුරවැසි සංවිධානයේ වැඩිහිටි දින උත්සවයේදි පැවසිය.

ප්‍රධාන ඇමැති ප්‍රසනන රණතුංග මහතා ආබාධිතයන් වෙනුවෙන් රෝද පුටු කීපයක් පරිත්‍යාග කළඅයුරු. රුවන් රණතුංග,ලයනල් ජයසිංහ යන මන්ත්‍රිවරුද ප්‍රාදේශීය ලේකම් ලක්ශ්‍රීණි ගුනතිලක හා සහකාරප්‍රාදේශීයලේකම් අයෙෂා උදයන්ති මහත්මියද වෙති.
ඡායාරූපය -මිනුවන්ගොඩ සමූහ

මෙමඋත්සවය මිනුවන්ගොඩ පැවැති අතර ජෙෂ්ඨ පුරවැසියන් 1000කට වැඩි පිරිසක් සහභාගි වූහ.

තවදුරටත් අදහස් දැක්වු ප්‍රධාන ඇමැති වරයා වැඩිහිටියන් කියන්නේ අපේ අම්මයි තාත්තයිවගේ අපි අගය කරන පිරිසක්.නමුත් මා මෙහිදි ඒ වැඩිහිටියන් අපට වඩා කුසලතා පිරි රංගන හැකියාවන් ගෙන් පිරිපුන් තරුණ, තරුණියන් පිරිසක් හැටියටබව මට මනාව තේරුම් ගියා.

ඒනිසාම තමයි මේඋදවිය ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමු තැන හිමිකර ගෙන ඇත්තේ.ඒකෙසේ වෙතත් මෙතුමන්ලා රටේ අනාගත පරපුර වෙනුවෙන් විශාල කැපවිමක් කළ පිරිසක්.

වසර 30ක යුද්දය සමයේ තම සිඟිති දරුවන් කැලෑවල හංගාගෙන යුද්ධයේ බිහිසුනු අත් දැකිම් ලැබුවා. තරුණ දූ පුතුන් යුද බිමට යවා මේ රට නිදහස් කරන්න අපේ ජනාධිපති තුමාට ආධාර උපකාර කළා.

මිට වසර20 කට පෙර වැදගත් දේශපාලඥයකු වූ ගාමිණි දිසානායක මහතාගේ අගය පසුගියදා පැවති තරුණන්ට පත්විම් දෙන උත්සවයකදී අපේ තරුණයන්ට තේරුම් ගන්න බැරිව ගියා. එදා විශ්ව විද්‍යාලවල වර්ජන තිබුණේ නැහැ. වර්ජන කරපු අය බටලන්දට ගෙන ගියා. බටලන්ද ගැන අපේ වැඩිහිටියන් හොඳට දන්නවා.ඒගැන මම පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ.

අද යුරෝපා සංවිධානය කොටි තහනම ඉවත් කළා. ඩයස් පෝරාව දැන් කරන්නේ මියගිය කොටි බිරින්දෑවරු දරුවන් එක්රැස් කර සංවිධානය සවිබල ගන්වනවා.

අපේ සමහර දේශපාලඥයන් එයට එකතුවී අපට නිදහස දුන්න ජනාධිපතිතුමාව ජාත්‍යන්තරයේ අපකීර්තියට ලක් කරනවා.

වැරදි කරුවකු කරන්න උත්සාහ ගන්නවා. ඒ තත්වය හොඳින් තේරුම් අද සිටින තරුණ පරපුරට කරුනු අවබෝධ කර මේ රට ජනාධිපතිතුමාවත් බේරා ගත යුතුයි.

එතුමා කියනවා වගේ මේ රට බෙදන්න කටයුතු නොකර හැම දෙනාම ජාති බේදයෙන් කුල බේදයෙන් තොරව සංවර්ධනය කරනවා නම් විධායක ජනාධිපති ක්‍රමය අපට අවශ්‍ය නැහැ.

නමුත් මේ යන තත්වයට නම් විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරන්න කෙසේවත් ඉඩක් දෙන්නේ නැහැ.

මෙම උත්සවය මිනුවන්ගොඩ ප්‍රාෙද්ශීය ලේකම් කර්යාලයේ පුර්ණ අනුග්‍රහය මත මිනුවන්ගොඩ ජේ්‍යෂ්ඨ පුරවැසි එකමුතුව මගින් සංවිධාන කරන ලදි.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි රුවන් රණතුංග මහතා විසින් ආබාධිතයන් වෙනුවෙන් රෝද පුටු හා කිහිලි කරු කීපයක්ද සියලුම දෙනාට දිවා ආහාරයද සපයන ලදී.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා