ජාත්‍යන්තර මානව හිමිකම් චිත්‍ර හා සිතුවම් තරගාවලියට අයැදුම්පත් භාර ගැනේ

ජාත්‍යන්තර මානව හිමිකම් චිත්‍ර හා සිතුවම් තරගාවලියට අයැදුම්පත් භාර ගැනේ

ශ්‍රී ලංකා යූත් පාර්ලිමේන්තුවේ සංස්කෘතික හා කලා කටයුතු කාරක සභාව ‘රෝඩ් ටු රයිට්ස් ‘ ජාත්‍යන්තරය සමඟ එක්ව සංවිධාන කරන ජාත්‍යන්තර මානව හිමිකම් චිත්‍ර හා සිතුවම් තරගාවලියට දැන් අයදුම්පත් බාරගනී.

දෙසැම්බර් මස 3-10ට යෙදෙන ජාත්‍යන්තර මානව හිමිකම් සතියට සමගාමීව මේ තරගාවලිය පැවැත්වේ. වයස අවුරුදු 12-14 / 15-17 / 18-20 යන වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්වේ. මාතෘකාව ‘හිමිකම් සුරැකෙන අපේ ලොවක්’ යන්නයි.

චිත්‍රයේ ප්‍රමාණය අඟල් 18-14 විය යුතුය. දිය සායම්, පැස්ටල්, තෙල් සායම් ආදී මාධ්‍යයන්ගෙන් නිර්මාණ කළ හැකිය. නිර්මාණය පිටුපස ඔබගේ සියලු විස්තර ලියා EXPRESSIONS 2014 සිතුවම් තරගාවලිය, කලා සංසදය, ආනන්ද විදුහල, කොළඹ 10 ලිපිනයට නොවැ.15ට පෙර එවිය යුතුය. මේ පිළිබඳ වැඩි විස්තර 071 99 48 482 දුරකථනයෙන් විමසිය හැකිය.

තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා වටිනා ත්‍යාග පිරිනැමෙන අතර නිර්මාණ එවන සැමට සහතිකපත් ප්‍රදානය කැරේ. දෙසැම්බර් මස 6-7 දෙදින ජයග්‍රාහි නිර්මාණ නෙළුම් පොකුණ රඟහලේදී දී මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා