මහපල්ලේගම අවමංගල්‍යාධාර සමිතියේ ඉදිකිරීම් බලන්න ඇමැති ඇවිත්

මහපල්ලේගම අවමංගල්‍යාධාර සමිතියේ ඉදිකිරීම් බලන්න ඇමැති ඇවිත්

කොළොම් පුරයේ මුඩුක්කු හැත්තෑදහස ඉවත්කර ඹවුන්ට නව නිවාස හැත්තෑදහසක අයිතිය පවරා දුන්නා සේ ඉතිහාසයේ පළමු වතාවට ලක්ෂ තුනක් වූ වතු කම්කරුවන් සදහා නිවාස පනස් දහසක් හදලා දෙන්න ජනාධිපතිතුමා තීරණය කිරීම දුගී දුප්පත්ජනතාව ලැබූ සුවිශාල ජයග්‍රහණයක් බව ග්‍රාමීය කටයුතු පිළිබද ජේෂ්ඨ ඇමැති අතාචුද සෙනවිරත්න මහතා පැවසීය.

ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ මහපල්ලේගම අවමංගල්‍යාධාර සමිතියට ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ඉඩමක් ලබා දී එහි ඉදිකිරීම් කටයුතු පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිණි.

තවදුරටත් කථාකළ අතාවුද සෙනවිරත්න මහතා මෙසේද පැවසීය.

දහම් පාසල් දියුණු කරලා ඒවා ලියාපදිංචි කළේ 1956 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයෙන් ගුවන් පාලම් අධිවේගි මාර්ග වැනි රටට යහපත් හොද වැඩ කරලා පෙන්නුවෙ මෙම රජයෙන් මෙහෙම වැඩ කරන නායකයෙක්පරාජය කිරීමට ජාත්‍යන්තර කුමන්ත්‍රණ රටතුළ පවත්වාගෙන යනවා. ඒවා අප පරාජය කළයුතුයි.

ත්‍රස්තවාදය තුරන් කරලා රට බේරාගත් නායකයා අපි ආරක්ෂා කළ යුතුයි. රනිල් කාලයේ මොකද කළේ සටන් විරාම ගිවිසුම් ගහලා, රැකියා දෙන්න එපා කියලා මහ ජනතාව පාරට ඇදලා දැම්මා, ගිවිසුම් වලින් කොටි පෝෂණය වුණා.

අපි ජීවත්වන තුරාවට හොද වැඩකළ යුතුයි. පිංකරන්න ඹීනැ එවිට හොද තැනක උපදින්න පුලුවන් සිතද දියුණුකරගත යුතුයි. එවිට නිවන අවබෝධ කරගැනීමට හැකිවන බවත් පැවසීය.

මෙහිදී සමිතියේ නිලධාරිහුද අදහස් දැක්වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා