ජනපද ඉඩම් වෙන අයට පවරාදීමෙන් නීතිමය ගැටලු මතුවෙලා

ජනපද ඉඩම් වෙන අයට පවරාදීමෙන් නීතිමය ගැටලු මතුවෙලා

ජනපද ලාභීන් සඳහා රජය මඟින් ලබාදී තිබෙන ඉඩම් වල අයිතිය වෙනත් අයකුට පවරා දෙන්නේනම් එලෙස පවරා ගැනිමට ලේ ඥාති වරයකුට හෝ ග්‍රාමනිලධාරිවරයකු විසින් අඩු ආදායම් ලාභියකු වශෙයන් සහතික කරන අයකුට හෝහැර වෙනත් කිසිවකුටත් එම ඉඩම්වල අයිතිය පවරා දිමට නොහැකි බවට ජනපද ඉඩම් ලාභින් දැනුවත් කර තිබුණද ඒ කිසිදු උපදේශයක් පිළි නොගෙන විවිධ පුද්ගලයන්ට ජනපද ඉඩම් පවරාදිම නිසා නිතිමය ගැටලු රැසක් මතුව තිබෙන බව හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසිය.

ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් ජනපද රැසක් තිබෙන බවද පවසන එම නිලධාරියා දැනටමත් මෙම ජනපද ඉඩම් වලින් කිසියම් කට්ටි ප්‍රමාණයක් ඉතා ශූක්ෂම ලෙස ඉහළ ආදායම් ලාභීන්ට හා මධ්‍යම ප්‍රමාණයේ ආදායම් ලබන ස්ථිර රජයේ රැකියා කරන අයට විශාල මිල ගණන් යටතේ අලවි කිරිම සිදුකර තිබෙන බවද කියයි.

මෙමම ජනපද ඉඩම් පිහිටි ප්‍රදේශ කරා යටිතල පහසුකම් වැඩි වශයෙන් හිමිව තිබෙන නිසා මෙන්ම ජනප්‍රිය පාසල් වෙත දරුවන් ඇතුළත් කර ගැනිමට මෙවැනි ස්ථාන ආශ්‍රිතව පදංචිවිම වාසි සහගත බව සිතා ඇතම් ප්‍රද්ගලයන් උපක්‍රම ශීලිව ජනපද ඉඩම් මිලදි ගත්තද එම ඉඩම් වල අයිතිය පිළි බඳව නිතිමය ගැටලු පසුකාලිනව ඇති වු විට එම ගැටලුනිරා කරණය කර ගැනිම දුෂ්කර වන බවද එම නිලධාරියා අවධාරණය කර සිටියේය.

ස්ථිර ආදායම් ලබන අඩු ආදායම් ලාභින් නොවන ඉඩ කඩම් තිබෙන කිසිවකුත් ජනපද ඉඩම් මිලදි ගැනීමට නොයන ලෙසද එම නිලධාරියා අවදාරණය කර සිටියේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා