විශිෂ්ට ලෙස ශිෂ්‍යත්ව සමත් මල්වානේ සිසු සිසුවියන් 24කට උපහාර

විශිෂ්ට ලෙස ශිෂ්‍යත්ව සමත් මල්වානේ සිසු සිසුවියන් 24කට උපහාර

ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර මහතා විසින් එම සිසු දරු දැරියන්ට තිළිණ ප්‍රදානය කළ අයුරු.
ඡායාරූපය -මල්වාන සමූහ

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත් වූ මල්වාන ප්‍රදේශයේ මුස්ලිම් සිසු දරු දැරියන් 24 දෙනකුට උපහාර දැක්වීම පසුගියදා මල්වාන අල්මුබාරක් මුස්ලිම් ජාතික පාසල් ක්‍රීඩාංගණයේදි සිදු කෙරිණි.

මෙහිදී එම ශිෂ්‍යයන්ට විභාගයෙන් සමත් වූ මල්වාන අල්මුබාරක් මුස්ලිම් ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරුදැරියන් 11 දෙනකුටද උලහිටිවල අල් මහමුද්මුස්ලිම් කනිටු විද්‍යාලයේ සිසු දැරියන් 08 දෙනෙකුටද මල්වානේ වල්ගම සුභාෂි රාජකීය මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් 04 දෙනෙකුටද ‍යටිහේන අල් මුස්තාපා මුස්ලිම් විද්‍යාලයේ සිසු දැරියකටද තිළිණ ප්‍රදානය කරන ලදී.

මීට අමතරව එම විභාගයෙන් වැඩිම සිසු දරු දැරියන් සමත් වූ මල්වාන අල්මුබාරක් මුස්ලිම් ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති එස්. එල්. එම්. ජෙසිම් මහතා ඇතුලු ගුරු මණ්ඩලයටද උපහාර සමරු තිළිණ සමගින් මුදල් ත්‍යාග ප්‍රදානය කළඅතර ඒ සදහා මල්වාන එල්. මුසීන් පදනමේ අනුග්‍රහය ලැබී තිබිණි.

මල්වාන අල්මුබාරක් මුස්ලිම් ප්‍රාථමික විද්‍යාලයීය පාසල් සංවර්ධන සමිතිය හා දෙමව්පිය සුභ සාධක සමිතිය මගින් සංවිධානය කරන ලද මේ උපහාර දැක්වීමේඋත්සවයට අභියාචනාධිකරණ විනිසුරු එම්. එච්. ඒ. ගපුර් බියගම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර බියගම ප්‍රාදේශිය සභාවේ‍ සභාපති ආනන්ද ගනේපොළ, ‍ප්‍රාදේශිය සභා මන්ත්‍රී මොහොමඩ් අන්වර්, බස්නාහිර පළාත් ප්‍රධාන ඇමතිවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරි ගම්පහ නාගරික මන්ත්‍රී තිස්ස ගුණවර්ධන, කැලණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා කාංචනා හතුරුසිංහ හා බියගම කොට්ඨාය අධ්‍යාපන අධ්‍යක්ෂිකා අයි. චන්ද්‍රලතා යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා