මාගල්කන්ද දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටීමේ අවදානමක්

මාගල්කන්ද දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටීමේ අවදානමක්

ගාල්ල කොළඹ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මග්ගොන හා බේරුවල දුම්රිය ස්ථාන අතර මාගල්කන්ද ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට විශාල පස් කන්දක් ගල් සමග පෙරළීමේ අවදානම් තත්ත්වයක් දැනට උත්ගතවි ඇති බව ප්‍රදේශවාශිහු පෙන්වා දෙති .

දැනට කබොක් ගල් සහිත පස් කන්දක් දුම්රිය මාර්ගයට පෙරළීමට ආසන්නව ඇතැයි ද ඔවුහු කියති .

පසුගිය දින කිහිපයේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවෙන් මෙම කන්දේන් කොටසක් දුම්ර්ය මාර්ගයට කඩාවැටි තිබු අතර , ඵම පස් හා ගල් ඉවත් කර ඇත ඵම කන්දේන් කොටසක් තවදුරටත් නාය යන තත්ත්වයක් ඇත .

එම විශාල ගල් සහිත පස් කන්ද කිසියම් විදියකින් දුම්රිය මාර්ගයට පෙරළුනොත් විශාල අනතුරක් සිදුවිමට ඉඩ ඇති බව ප්‍රදෙශවාසිහු පෙන්වා දෙති

මිට පෙර අවස්ථා කිහිපයකදි ගල් හා පස් කඳු මේ ස්ථානවලදි දුම්රිය මාර්ගයට ඇද වැටි තිබේ . සමහර අවස්ථාවලදි දුම්රියට බරපතළ හානි සිදුවී තිබේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා