ආසියානු කනිෂ්ඨ රගර් තරගාවලියට යන ශ්‍රී ලංකා පිල අද ඇමැති අනුමැතියට

ආසියානු කනිෂ්ඨ රගර් තරගාවලියට යන ශ්‍රී ලංකා පිල අද ඇමැති අනුමැතියට

අවුරුදු 20න් පහළ ආසියානු කනිෂ්ඨ රගර් තරගාවලියේ දෙවැනි කොටසින් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම අද ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගියදා නිමාවට පත්වූ අන්තර් පාසල් අවුරුදු 20න් පහළ ලීග් තරගාවලියේ ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා අනුව 30 දෙනකුගෙන් සමන්විත සංචිතයක් තෝරාගනු ලැබූ අතර ඉන් ක්‍රීඩකයන් 25ක් අවසන් කණ්ඩායමට අද තෝරගැනීමට නියමිතය.

නිරන්ජන් අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ජාතික රගර් නව තේරීම් කමිටුව විසින් තෝරාගන්නා ලද මේ සංචිතයට මෙරට පාසල් රගර් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයන් ඇතුළත් වෙති. ඒ අතර පසුගියදා නිමාවට පත්වූ මයිලෝ ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රගර් තරගාවලියේ ශූරයන් වූ වෙස්ලි විදුහල් කණ්ඩායමේ හා සාන්ත පීතර විදුහල් පිලේ ක්‍රීඩකයන් 5ක් බැගින් එක්වී සිටිති. ඊට අමතරව සාන්ත අන්තෝනි විදුහලෙන් ක්‍රීඩකයන් 4ක් ද, ඉසිපතන විදුහලෙන් ක්‍රීඩකයන් 3ක් ද ඇතුළත් වෙති.

රාජකීය, ත්‍රිත්ව, විද්‍යා විද්‍යාලය, කිංග්ස්වුඩ් හා විද්‍යාර්ථ විදුහලෙන් ක්‍රීඩකයන් 2ක් බැගින් ද, ධර්මරාජ හා සාන්ත ජෝශප් විදුහල්වලින් ක්‍රීඩකයකු බැගින් ද එක්වී සිටිති.

මේ මස 11වැනිදා සිට 18වැනිදා දක්වා චීන තායිපේ හී පැවැත්වෙන මේ තරගාවලියට ශ්‍රී ලංකාව සමඟ කසකස්තානය, සිංගප්පූරුව හා තායිලන්තය එක්වී සිටිති.

ශ්‍රී ලංකා සංචිතය මෙසේය

රන්දීර ද සිල්වා, ගැවින් සීගට්ස්, ගයාන් ජයමාන්න, සිතුම් පීරිස්, රාහුල් ද සිල්වා (වෙස්ලි), ‍ජේසන් මෙල්ඩර් (සා.ජෝශප්), ෂුයබ් මුතාලිෆ්, රිස්මි ජමාල්දීන් (රාජකීය), අනුරාධ කරුණාතිලක, තිරින්ද රත්වත්ත (ත්‍රිත්ව), ජී.සී.ච්.ජයසිංහ, එම්.අලී, පී.එන්.පී.අංගම්මන, ජේ.ආර්.සී.ප්‍රවීන් (සා.අන්තෝනි),‍ ෂෙනාල් අබේසේකර, දිලංක පෙරේරා, නිරාජ් ගුණසිංහ, අනුරාධ හේරත්, ප්‍රවීන් ද සිල්වා (සා.පීතර), විගඟ නාවලගේ (ධර්මරාජ), තිළිණ තිලංක, රිචඩ් ධර්මපාල (විද්‍යා වි.), තරිඳු චතුරංග, ඩබ්.ඒ.කේ.එන්.පෙරේරා (කිංග්වුඩ්), ඩී.එන්.තල්වත්ත, එම්.ජී.ලක්මාල් (විද්‍යාර්ථ), හිරන්ත පෙරේරා, සී.ජේ.ප්‍රනාන්දු, උදිත් ප්‍රේමතිලක (ඉසිපතන), චාමක ලලින්ද

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා