මාතර රාහුල විදුහලට බැඩ්මින්ටන් ශූරතාවක්

මාතර රාහුල විදුහලට බැඩ්මින්ටන් ශූරතාවක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය 18 වැනි වරට සංවිධාන කළ අවුරුදු 14න් පහළ බැඩ්මින්ටන් තරගාවලියේ බාලක ‘ඒ’ කාණ්ඩයේ සුපර් ‘ඒ’ ශූරතාව දිනාගැනීමට මාතර රාහුල විදුහල් කණ්ඩායම සමත්වු අතර බාලිකා ශූරතාව කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට හිමිවිය. තරගාවලියේ බාලක අනුශූරතාව ගාල්ල රිච්මන්ඩ් විදුහලත්, බාලිකා අනුශූරතාව නුගේගොඩ අනුලා විද්‍යාලයත් හිමිකර ගත්තේය.

උතුරු නැඟෙනහිර ඇතුඵ දිවයිනේ සියලු පළාත් නියෝජනය කරමින් කණ්ඩායම් 62කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 430ක් පමණ සහභාගීවු තරගාවලිය පසුගිය දිනවලදී ගාල්ල රිච්මන්ඩ්, සවුත්ලන්ඩ් හා සංඝමිත්තා විදුහල්වලදී පැවැත්විණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා