තුර්කියේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 31කට තරග තහනමක්

තුර්කියේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 31කට තරග තහනමක්

තහනම් උත්තේජන භාවිතා කිරීමේ ‍චෝදනාවට හසුවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 31කට වසර දෙකක තරග තහනමක් පැනවීමට එරට මලල ක්‍රීඩා සම්මේලනය හා ඔලිම්පික් කමිටුව පසුගියදා පියවර ගත්තේය.

මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර මීටර් 1500 කාන්තා තරග ඉසව්වේ ඔලිම්පික් ශූරිය වන ඇස්ලි කකීර් ද, යුරෝපා ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 තරග ඉසව්වේ ශූරයා වන නෙවින් යැනිට් ද සිටිති.

තුර්කි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 31කට වසර දෙකක තරග තහනමක් පැනවීම තහනම් උත්තේජන භාවිතයෙන් ක්‍රීඩාව මුදවාගැනීමේ ලෝක මලල ක්‍රීඩා සම්මේලන අරමුණට සහාය පළ කිරීමක් බව අන්තර් ජාතික තහනම් උත්තේජන විරෝධි ඒජන්සිය සඳහන් කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා