ගම්පහ බණ්ඩාරනායක විදුහලට ජය

ගම්පහ බණ්ඩාරනායක විදුහලට ජය

මොරටුව ක්‍රීඩා

වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල සමග පැවැති අන්තර් පාසල් අවුරුදු 15න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගයෙන් ලකුණු 95ක ජයක් හිමිකර ගැනීමට ගම්පහ බණ්ඩාරනායක විදුහල සමත්විය. බණ්ඩාරනායක විදුහල-236/9 චමත් තෙන්නකෝන් 75, එස්.කොඩිතුවක්කු 39 (දුලාර මෙනුරංග 35/3, ෂේන් කනිෂ්ක 51/3)-ජෝශප් වාස් විදුහල-141 ෂේන් කනිෂ්ක නොදැවී 53, ෂෙහාර රණතුංග 29

තර්ස්ටන් විදුහලට පහසු ජයක්

කොළඹ තර්ස්ටන් විදුහල හා පාදුක්ක ශ්‍රී පියරත්න විදුහල අතර පැවැති අවු.15න් පහළ පළමු පෙළ තරගය කඩුලු 8කින් ජයගැනීමට තර්ස්ටන් විදුහලට හැකිවිය. ශ්‍රී පියරත්න විදුහල පළමුව පන්දුවට පහරදෙමින් ලකුණු 129කට දැවී ගිය අතර ජයග්‍රාහී ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී තිබියදී සපුරාලීමට තර්ස්ටන් විදුහල සමත්විය. ශ්‍රී පියරත්න-129 එල්.පී.දිමුත් 25 (නිපුන් ලක්ෂ 15/3, මලිත් රත්නායක 29/3) තර්ස්ටන්-130/2 කසුන් අබේරත්න 45

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා