පාකිස්තාන-ඇෆ්ගනිස්තාන විස්සයි20 තරගයක් දෙසැම්බරයේ

පාකිස්තාන-ඇෆ්ගනිස්තාන විස්සයි20 තරගයක් දෙසැම්බරයේ

යුද්ධයෙන් පීඩා විඳින ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ පියවරක් ලෙස සිය ක්‍රිකට් කණ්ඩායම මේ වසර අවසානයේ එරට ක්‍රිකට් පිල සමග විස්සයි20 තරගයකට ක්‍රීඩා කරන බව පාකිස්තාන ක්‍රිකට පාලක මණ්ඩලය නිවේදනය කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර දී ලබන දෙසැම්බර් මස 8වැනිදා මේ තරගය පැවැත්වීමට නියමිතය.

ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සමන්විත ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පිල පසුගිය වසරේ හා 2010 වසරේ දි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට සමත්විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා