අම්පාරේ අස්වනු මිලට ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්

අම්පාරේ අස්වනු මිලට ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්

අම්පාර දිස්ත්‍රික්කයේ 2013 යල කන්නයේ වී වගා අස්වැන්න මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය අරඹා ඇත.

පොතුවිල්, අක්කරපත්තුව, සමන්තුර, දමන අම්පාර යන වී අලෙවි මණ්ඩලයට අයත් වී ගබඩාවල වී මිලදී ගැනීම කළ බව සමන්තුර ගබඩා පාලකවරයා පැවසුවේය. රජයේ සහතික මිල වූ නාඩු කිලෝව රු. 32ටත්, සම්බා වී කිලෝව රු. 35ටත් මිලදී ගැනීම සිදුවේ. එක් ගොවි මහතකුගෙන් වී කිලෝ 5000න් දාහක් ගන්නා අතර ඒ සම්බන්ධ බිල්පත් ගොවිජන මධ්‍යස්ථානවලින් ලබාගෙන වී ගබඩාවට බාරදිය යුතු වේ.

වී අලෙවි මණ්ඩලයේ වී මිලදී ගැනීමේ ප්‍රමිතියට අනුව වී මිලදී ගැනීම සිදුකෙර්. මෙතෙක් පෞද්ගලික වෙළඳුන් හා වී මෝල් හිමියන් අසරණ ගොවීන්ගේ වී කිලෝව රුපියල් 22ත් 23ත් අතර මිලකට ගැනීම සිදුවූ බව ඔව්හු කියති.

රජය වී මිලදී ගැනීම ඇරඹීම නිසා තමන්ට සිදු වූ පාඩුව මකා තමන්ගේ ආදායම වැඩිකර ගත හැකි වීම ගැන ගොවීහු සතුටට පත්ව සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා