කොදෙව්හි දී මුරලි වැඩ පෙන්වයි

කොදෙව්හි දී මුරලි වැඩ පෙන්වයි

බටහිර ඉන්දීය කොදවේහී මේ දිනවල පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින මුත්තයියා මුරලිදරන් පන්දුවෙන් දස්කම් දක්වයි.

මුත්තයියා මුරලිදරන් ක්‍රිස්ගේල්ගේ නායකත්වයෙන් තරග බිමට පිවිසෙන ජැමෙයිකානු පිල නියෝජනය කරන අතර එම කණ්ඩායම සහභාගිවු තරග හතරෙන් තුනකම ජය වාර්තා කර සිටී.

මුරලි සහභාගීවු තරග හතරේදී කඩුලු 6ක් ලබාගැනීම ජැමෙයිකානු පිලට ශක්තියක් බව එහි කළමනාකරිත්වය පවසයි.

ඇන්ටිගුවා පිල සමග පැවැති තරගයේදී මුරලි යැවු ඕවරයකදී මාලන් සැමුවෙල්ස් හා ඩෙවන් තෝමස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දවාගැනීම විශ්මය ජනක බව විචාරකයෝ සඳහන් කළේය.

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරන එකම ක්‍රීඩකයා මුත්තයියා මුරලිදරන් පමණි. මුරලි සහභාගීවන තරග නැරඹීමට විශාල පිරිසක් උනන්දු බවද තරග සංවිධායක‍යෝ පවසති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා