තායිලන්තය දේශපාලන වශයෙන් ඇදවැටෙන දිනය වැඩි ඈතක නොවේලු

තායිලන්තය දේශපාලන වශයෙන් ඇදවැටෙන දිනය වැඩි ඈතක නොවේලු

දිගු කලක් පුරා තායිලන්තයේ පවතින ප්‍රචණ්ඩ ක්‍රියා නතර කිරීමට කටයුතු නොකළහොත් එරට දේශපාලන වශයෙන් සම්පූර්ණයෙන්ම කඩා වැටිමට ඉඩ ඇතැයි තායි හමුදා ප්‍රධානියා අනතුරු අඟවා තිබේ. වසර 2010 න් අනතුරුව එරට මුහුණපාන දරුණුතම අර්බුදය දැන් පැනනැඟී ඇතැයි ඔහු පවසයි.

මාස හතරක පමණ කාලයක් තුළ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 21 දෙනකු මියගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 700 කට අධික බව වාර්තා වේ. ඉදිරි දින වලදි ගැටුම් තව තවත් උග්‍රවනු ඇතැයි හමුදා ප්‍රධානි ප්‍රෙයුට් චාන් -ඕජා අනතුර් අඟවා තිබේ.

එමනිසා සංහිඳියාවක් ඇතිකර ගැනිමට වහාම සාකච්ඡා ආරම්භ කරන ලෙස ඔහු කැරැලිකාර බලවේගවලින් ඉල්ලා ඇත. සිය රාජකාරිය ඉටු කිරිමට හමුදාව බැඳී ඇතත් නිකරුණේ තායි ජනතාව මරා දැමිමට සූදානම් නැති බව ද හමුදා ප්‍රධානියා අවධාරණය කර තිබේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා