මැලේසියාවේ ජල අර්බුදයක්

මැලේසියාවේ ජල අර්බුදයක්

මැලේසියාවේ වඩාත් ජනාකීර්ණ ප්‍රාන්තයේ නිවැසියන් දහස්ගණනකට ජල සැපයුම සීමා කිරීමට එහි බලධාරින් පියවර ගෙන තිබේ. ඊට හේතුවී ඇත්තේ පවත්නා දැඩි වියළිකාලගුණය හමුවේ ජලාශයන් හි ජලමට්ටම් පහල වැටීමය.

මැලේසියාවේ දැඩිවියළි කාලගුණය හමුවේ ජලකප්පාදුවට මුහුණදී සිටින ක්වාලම්පුරය ආසන්න ජනතාවට බවුසර මගින් ජලය බෙදන අයුරු.

මාසයක පමණ කාලයක පටන් පවත්නා වියළිකාලගුණය සේම දැඩි උෂ්ණත්වය නිසා ජලාශ සමහරක ජලමට්ටම දරුනු ලෙස පහත වැටී තිබෙන අතර ලැව්ගිනි පැතිරීමද වැඩිව ඇත. මේ තත්ත්වය ක්වලාලම්පුරය ආසන්න ප්‍රදේශ කීපයකට දැඩි ලෙස බලපා ඇතිහෙයින් ඒවායේ ප්‍රජාකොටස් වලින් විරෝධතාවක්ද මතුව තිබේ.

වසර මුලදි වියළිකාලගුනයක පැවැත්ම මැලේසියාවට සුපුරුදු දෙයක් නමුදු මෙවර එය ඉතා දැඩිව හා දිගුකාලීනවප වත්නා බව පැවසී ඇත. මේ තත්තවය වඩාත් බලපා ඇති සෙලන්ගෝර් ප්‍රාන්තයට තවත් කාලයකට මෙවන් කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවට අනතුරු ඇඟවී ඇත.

මේ නිසා එහි ජනතාවට සලාක ක්‍රමයකට ජලය සැපයීමට කටයුතු යෙදී තිබේ. ඒ අනුව පවුල් 45000 කට පමණ එම ජල සැපයුම් සීමාව බලපවත්වනු ඇතැයි බලධාරින් ප්‍රකාශ කර තිබේ. වලාකුල් සිසිල් කරණයෙන් වර්ෂාව ඇතිකිරීම සඳහා ගුවන්යානා පවා සූදානමින් පසුවන නමුදු අහස වලා බවින් තොරවීමද ප්‍රශ්නයක්ව ඇතැයි ඔවුහු කියති.

පසුගිය සති කිපය තිස්සේ වරින්වර ජලය කප්පාදු කිරිම නිසා කෝපයට පත් පිරිස් පසුගිය සතියේ විරෝධතා උද්ඝෝෂණයක් පවා පවත්වා තිබිණ. සමහර ප්‍රාන්තවල ජල අර්බුදයක් ප්‍රකාශයට පත්කර ඇතිබවද වාර්තාවේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා