ඉරානයෙන් අවි මිලට ගැනීමේ ඉරාක‍යේ සූදානම අමෙරිකාවේ දැඩි අවධානයට

ඉරානයෙන් අවි මිලට ගැනීමේ ඉරාක‍යේ සූදානම අමෙරිකාවේ දැඩි අවධානයට

ඉරානයෙන් අවි ආයුධ මිලදී ගැනිමට ඉරාකය සූදානම් බවට පළවි තිබූ මාධ්‍ය වාර්තා පිළිබඳව කරුණු පැහැදිළි කරන ලෙස ඇමෙරිකාව ඉරාකයට බලකර තිබේ.

එක්සත් ජාතින්ගේ සම්බාධක අනුව මෙවැනි අවි ගිවිසුම් වලට එළැඹිම ඉරාකයට තහනම් කර තිබේ. අවි ගිවිසුමකට ඇතුළත් වි ඇති බවට පළ කර ඇති වාර්තා සත්‍ය නම් එය බරපතළ තත්ත්වයක් බව ඇමෙරිකාරාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා ජෙන් ප්සාකි පවසයි.

මාධ්‍ය වාර්තා පවසන අන්දමට පසුගිය නොවැම්බර් මාසයේ අත්සන් කර ඇති මෙම ගිවිසුම අනුව ඉරාකය ඇමෙරිකානු ඩොලර් මිලියන 195 ක් වටිනා අවි ආයුධ ඉරානයෙන් මිළදි ගනු ඇත.

අල්කයිඩාවට සම්බන්ධ සහ සුන්නි අන්තගාමි සටන්කාමින් සමඟ සටන් වැදීමට යුද ආධාර ලබා දෙන ලෙස ඉරාක අගමැති නුර් අල් - මලිකි ඇමෙරිකාවට පසුගිය දා ගිය අවස්ථාවේ ඉල්ලා තිබිණි.

ඉරාකයට යුද උපකරණ සහ උපදෙස් ලබා දිමට සූදානම් බව ඉරාන කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානි ජෙනරාල් මොහොමඩ් හෙජාසි ජනවාරියේ දි ප්‍රකාශ කර තිබිණි. ඉන් මසකට පමණ පසුව මලිකි ඉරානයේ චාරිකාවක නියැලුනි.

මේ අතර ඉරාකයේ අල්කයිඩා සහ සුන්නි මුස්ලිම් අන්තවාඳි ත්‍රස්ත කණ්ඩායම් වලට එරෙහිව සටන් වැදිමට හෙලිෆයර් මිසයිල එවීම ඉක්මණින්ම සිදු කරන බවට ඇමෙරිකාව මැතදී පොරොන්දු වි තිබේ. තවද නියමුවන් රහිත ගුවන් යානා සේවයද ලබා දෙන බවට ප්‍රතිඥා දි ඇතැයි පෙන්ටැගනය පවසයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා