යුක්‍රේනයේ හිටපු ජනාධිපති වික්ටර් යැනුකොවිච් අත්අඩංගුවට

යුක්‍රේනයේ හිටපු ජනාධිපති වික්ටර් යැනුකොවිච් අත්අඩංගුවට

සමුහ ඝාතන සිදු කිරිමේ චෝදනාව මත යුක්‍රේනයේ හිටපු ජනාධිපති වික්ටර් යැනුකොවිච් අත්අඩංගුවට ගන්නා ලෙස එරට රජය නියෝග කර තිබේ .රුසියාවට පක්ෂපාති යැනුකොවිච් ධුරයෙන් පහ කිරිම හෙලා දකින රුසියාව ප්‍රතිසංස්කරණවාදි නව යුක්‍රේන් රජය නීතිවිරෝධී බව පවසයි.

බලයෙන් පහකරන ලද යුක්‍රේන ජනාධිපති වික්ටර් යැනුකොවිච්ගේ කිව් නගරයේ අති සුඛෝපභෝගී සුවිසල් මන්දිරය දැක බලා ගැනිමට පැමිණි යුක්‍රේන ජනතාව.

සිය රටට ආධාර වශයෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන් 35 ක් ලබා දෙන ලෙස නව රජය බටහිර රටවලින් ඉල්ලා තිබේ. රුසියාව දෙසට නැඹුරු වි සිටි ය්‍රක්‍රේනය යුරෝපා හවුල දෙසට නැඹුරු කර ගැනිම තහවුරු කර ගැනිමට යුරෝපා හවුලේ ප්‍ර ධාන රාජ්‍යතාන්ත්‍රිකයා දැනටමත් යුක්‍රේනයට පැමිණ ඇත.

යුක්‍රේනය යුරෝපා හවුල සමඟ ඇතිකරගෙන තිබු ඓතිහාසික ගිවිසුම අහෝසිකර රුසියාව දෙසට නැඹුරුවිමට යැනුකොවිච් ගත් තිරණය හේතුවෙන් පැන නැඟි අර්බුදය හේතුවෙන් පසුගිය සතිය තුළ පමණක් මිය ගිය සංඛ්‍යාව 100කට අධිකය.

අහිංසක ජනතාව මරා දැමිමට එරෙහිව හිටපු ජනාධිපතිවරයාට සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සහ හමුදා බලධාරින් 50 කට පමණ එරෙහිව නඩුවක් ගොනු කරන බව වැඩබලන අභයන්තර කටයුතු අමාත්‍ය ආසන් අවාකොව් පවසයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා