මර්ස් ශ්වසන වෛරසය මිනිසුන්ට බෝවෙන්නේ ඔටුවන්ගෙන්

මර්ස් ශ්වසන වෛරසය මිනිසුන්ට බෝවෙන්නේ ඔටුවන්ගෙන්

විශේෂයෙන්ම සෞදි අරාබියාව ඇතුළු මැද පෙරදිග රටවල පැතිර යන මර්ස් නමින් හැදින්වෙන ස්වසන වයිරස් ආසාදනය ඔටුවන්ගෙන් මිනිසුන්ට බෝවන බවට ඊයේ නිකුත් කළ අධ්‍යයන වාර්තාවක් හෙළි කරයි.

වසර 2012 සැප්තැම්බර් සිට පැතිර ගිය මේ වයිරසය හේතුවෙන් දැනටමත් 79 දෙනකු මිය ගොස් තිබේ. මුළු ආසාධිතයන් සංඛ්‍යාව 182 ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි. මෙම රෝගය මිනිසුන්ට බෝවන්නේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් සොයාගෙන තිබුණේ නැත.

මේ පිළිබඳ අධ්‍යයනයට සහභාගිවු පර්යේෂණ කණ්ඩායමේ නායක කොලම්බියා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ඉයන් ලිප්කින් පවසන්නේ එම වයිරසය ඔටුවන් අතරඅසාමාන්‍ය ලෙස ප්‍රචලිත බවත් වයිරසය වසර 20 ක් තරම් පැරණි බවත්ය.

සෞදි අරාබියාවේ තරුණ ඔටුවන්ගෙන්තුනෙන් එකක් ඇතුළු ඔටුවන් 74 % ක් පමණ මෙම වයිරසයට ගොදුරු වි ඇතැයිද ඔහු වැඩිදුරටත් පවසයි. මෙම පර්යේෂණය පදනම් වී ඇත්තේ වසර 2013 නොවැම්බර් හා දෙසැම්බර් මාසයේදි ඔටුවන් 200 කගේ පමණ ලේ. සොටු කෙළ ආදි සාම්පල පරීක්ෂණයට භාජනය කිරිමෙන් අනතුරුවයි.

පර්ක්ෂණයට ලක් කළ ඔටුවන් ගේ දක්නට ලැබුණ වයිරසය මර්ස් රෝගයෙන් පෙළෙන රෝගින්ට ආසාදනයවු වයිරසයට සම්පුර්ණයෙම් සමාන බව අධ්‍යයන වාර්තාව අනාවරණය කර තිබේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා