ඉරාක කතානායකගේ සොහොයුරා ඝාතන තැත හයවන වරටත් වරදී

ඉරාක කතානායකගේ සොහොයුරා ඝාතන තැත හයවන වරටත් වරදී

ඉරාක පාර්ලිමේන්තු කතානායක වරයාගේ සොහොයුරෙකු වන පළාත්ආණ්ඩුකාර අතීල් අල් නුජාෆි පෙරේදා තෙවැනි වරටත් ඝාතන ප්‍රයත්නයකින් දිවිගලවා ගනිද්දී ප්‍රචණ්ඩකාරීත්වයෙන් රට පුරා 32 නෙකු ඝාතනය වී ඇතැයි බලධාරීහු ප්‍රකාශ කළහ.

මධ්‍යම ඉරාකයේ මොසුල් නගයේ ගැටුම්වලින් මිය ගිය සොල්දාදුවකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගිවු පිරිසක් ඔහුගේ දෙන ඔසවා ගෙන ගිය අයුරු

වසර ගණනාවකින් පසු ඉරාකය දරුණුම නොසන්සුන් කාල වකවානුවකට මුහුණ දී තිබේ. දෛනිකව සිවිල් වැසියන්ට හා හමුදාවට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීමට බලධාරින්ට නොහැකිව ඇත.

වසරකටත් අඩුකාලයකදී නයින්වේ පළාතේ ආණ්ඩුකාර නුජාෆි ඝාතනයට 6 වරක් උත්සාහ ගැනීමෙන් එවන් උසස් නිලධාරියකු පවා ප්‍රහාරයන්ට ඉලක්ක වී ඇති බව පැහැදිලි වේ.

පළාත් අගනුවර වන මෝසුල් හි දී නුජාෆිගේ රියපෙළක් ඉලක්ක කර ගනිමින් මාර්ගාසන්න බෝම්බයක් පුපුරා යාමෙන් ඔහු දිවි ගලවා ගත්තද වෙනත් පළාත් සභිකයන් දෙදෙනකු තුවාල ලබා තිබේ.

නුජාෆි දෙවැනි වරටත් ආණ්ඩුකාර ධුරය උසුලන එම පළාතේ සුන්නි සටන් කාමිත්වය ප්‍රබලව පවත්නා අතර ඔවුන් දෛනික ප්‍රහාරයන් එල්ලකරන බව පැවසී තිබේ.

පෙරේදා ඔවුන් එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් තිදෙනකු හා හමුදා සෙබළුන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් අතර සටන්කාමින්ගෙන් 11 දෙනකුද ඝාතනය වි තිබිණ. මේ හැර ඔවුන්ගේ ප්‍රහාර හේතුවෙන් රටපුරා තවත් ගණනාවක්ම ජීවිතක්ෂයට පත්ව ඇත. සමහර තැනකදී ඔවුන් වාහන වලට ප්‍රහාර එල්ලකර තිබුණේ චුම්බක බෝම්බ යොදාගනිමිනි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා