සරණාගත කඳවුරුවලට පහසුකම් ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමක් මදුරාසි මහාධිකරණය නිෂ්ප්‍රභ කරයි

සරණාගත කඳවුරුවලට පහසුකම් ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමක් මදුරාසි මහාධිකරණය නිෂ්ප්‍රභ කරයි

ඉන්දියාවේ ශ්‍රී ලාංකික සරණාගතයින් රඳවා සිටින කඳවුරුවල පහසුකම් වැඩිකරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමක් මදුරාසි මහාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ. මහාධිකරණ විනිසුරු එම්. ජයිචන්ද්‍රන් සහ ආර්. මහාදේවන් විසින් අදාළ පෙත්සම නිෂ්ප්‍රභා කර ඇති අතර පෙත්සමට එරෙහිව ඉදිරිපත්ව තිබු තවත් පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු සලකා බැලු මහාධිකරණය මේ තිරණය ගෙන තිබෙන බව වාර්තා වෙයි.

විරුද්ධව ඉදිරිපත් වු පෙත්සම මඟින් සරණාගත කඳවුරුවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය පහසුකම් මේ වනවිටත් සපයන බව පෙන්වා දී තිබෙන අතර ඒ අනුව තවදුරටත් පහසුකම් සැපයීමේ අවශ්‍යතාවක් නැතැයි පෙන්වාදී තිබේ. ඉන්දීය මධ්‍යම රජය සහ තමිල්නාඩු ප්‍රාන්ත රජය, සරණාගතයින්ට ඉන්දියාව තුළ සාමකාමි ජිවිතයක් ගත කිරීම සඳහා අවස්ථාව සලසා ඇති බවද අදාළ පෙත්සමෙන් පෙන්වා දී ඇත.

ශ්‍රී ලාංකිය සරණාගතයින් වෙසෙන ප්‍රධාන කඳවුරු තුනක් ඉන්දියාවේ අනයියූර්, තිරුවදාවූර් සහ උචාපත්ති යන දිස්ත්‍රික්කවල පිහිටා ඇති අතර එම කඳවුරු තුළ පවුල් 1,728 ක සරණාගතයින් 5,872 ක් පමණ සිටින බව වාර්තා වෙයි.

සරණාගතයින්ට පහසුකම් සැලසිම සඳහා රජය විසින් ඉන්දිය රුපියල් කෝටි 4.77 මුදලක් වෙන්කර ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා