ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පුහුණු වඩමුළුවක්

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පුහුණු වැඩමුළුවක්

[2014-08-21 පෙ.ව 11.30]

“දිස්ත්‍රික් සංවර්ධනයේදී ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ කාර්යභාරය“ යන්න තේමාව කර ගත් සම්මන්ත්‍රණයක් අගෝස්තු 25 වැනිදා පෙ.ව. 9.00 සිට රත්නපුර ලෙල්ලොපිටිය “සිල්වර්- හෝටල්“ පරිශ්‍රයේදී පැවැත්වේ.

දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක හා යෝජිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ විධිමත් අවබෝධයක් මාධ්‍යව්දීන්ට ලබා දී එය ගමට හා රටට සන්නිවේදනය කිරීමට සැලැස්වීම මෙහි ප්‍රධාන අරමුණයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්තප්‍රිය රාමනායක දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර යන මහත්වරු මෙහිදි දෙසුම් පැවැත්වීමට නියමිතය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා