ලක්ෂ 50කට අධික විශ්‍රාම වැටුප් වංචා කළැයි දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම්වරයකු රිමාන්ඩ්

ලක්ෂ 50කට අධික විශ්‍රාම වැටුප් වංචා කළැයි දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම්වරයකු රිමාන්ඩ්

විශ්‍රාම වැටුප් රු. ලක්ෂ පනහකට අධික මුදලක් පොල්ගහවෙල බණ්ඩාරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලින් වංචා කළ බව කියන හිටපු දකුණු පළාත් සභා ප්‍රධාන ලේකම්වරයෙකු ලබන මස 3 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඊයේ(20) නියෝග කෙළේය.

මෙසේ රක්ෂිතබන්ධනාගාරගත කරනු ලැබුවේ බණ්ඩා‍රගම පදිංචි හෙන්නයිඩා හේවාගේ අමරදාස පෙරේරා නැමැත්තාය.

පොල්ගහවෙල හා බණ්ඩාරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලින් සමාන කාලසීමාවලදී විශ්‍රාම වැටුප් අංක 2 ගෙවීම් ලබා ගෙන මෙසේ රුපියල් 5049661 ක මුදලක් සැකකරු වංචා කළ බවට රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

සැකකරු 1989-1992 දක්වා කාලසීමාව තුළ දකුණු පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයෙකු ලෙස සේවය කළ බවට අධිකරණයෙන් කරුණු අනාවාරණය විය. සැකකරු 1992 -2014 දක්වා වු කාලසීමාව තුළ දී මේ වංචාව සිදු කර ඇති අතර සැකකරු පොදු දේපළ පනත යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ.

රහස් පොලිසියේ උප පොලිස් පරික්ෂක විජේතිලක මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙ‍ළේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා