සෞඛ්‍ය වැඩ වර්ජනයට සිවිල් ආරක්ෂක බළකායෙන් බෙහෙත්

සෞඛ්‍ය වැඩ වර්ජනයට සිවිල් ආරක්ෂක බළකායෙන් බෙහෙත්

 රජයේ රෝහල්වල ඊයේ සිට (20) දීපව්‍යාප්තව ආරම්භ කර ඇති සෞඛ්‍ය සේවයේ ශ්‍රේණි 28කට අයත් සේවකයන්ගේ වැඩ වර්ජනය නිසා අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් කාර්යක්ෂමව කරගෙන යාමට රාජ්‍ය ආරක්ක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සිවිල් ආරක්ෂක බළකායේ සෙබළ සෙබළියන් යොදවා ඇත.

දිවයින පුරා වැඩවර්ජනය ක්‍රියාත්මක රෝහල් සඳහා 992 දෙනෙකු දිවා රාත්‍රී සේවයේ යොදවමින් රෝහල් කටයුතු සාර්ථකව සිදුකිරීම සඳහා අනගි සහායක් ලබාදෙති.

ඒ අනුව බස්නාහිර පළාතේ කළුබෝවිල ශික්ෂණ රෝහලට 61ක්ද ජාතික රෝහලට 135ක් ද, අංගොඩ රෝහලට 10ක්ද ක/ නාගොඩ රෝහලට 40ක්ද, හොරණ මූලික ‍‍රෝහල සඳහා 27ක්ද ගම්පහ රෝහලට 19ක්ද, වතුපිටිවල රෝහලට 20ක්ද, හෝමාගම රෝහලට 20ක්ද, පානදුර රෝහලට 18ක්ද, පානදුර කේතුමතී රෝහලට 06ක්ද, කිරිබත්ගොඩ රෝහලට 08ක්ද, පිඹුර රෝහලට 03ක්ද, දොඩම්ගොඩ රෝහලට 02ක්ද, මීගහතැන්න රෝහලට 03ක්ද, මීගමුව රෝහලට 30ක්, ආනියාකන්ද රෝහලට 12ක් වශයෙන් 414 දෙනෙකු දිවා රාත්‍රී සේවය සඳහා යොදවා ඇත.

මීට අමතරව අනුරාධපුරය රෝහලට 100ක්ද පූනෑව 02, මිහින්තලය 08, විලච්චිය 04, රත්මල්ගහවැව 02, කහටගස්දිගිලිය 05, ගලෙන්බිඳුනුවැව 05, පිරාමඩුව 02, කැකිරාව 04, තලාව 02, මරදන්කඩවල 02, හුරුලුවැව 02, නාගම්පහ 02, සේනපුර 02, ආඬියාගල 03, කෝන්වැව 02, කලාවැව 02, රනාරව 05, තන්තිරිමලේ 05, නොච්චියාගම 10, රඹව 17ක් වශයෙන් යොදවා ඇත. පදවිය රෝහලට 17ක් ද, පොළොන්නරුව අරලගංවිල මූලික රෝහල සඳහා 14ක්ද, මැදිරිගිරිය රෝහලට 25ක්, හිඟුරක්ගොඩ රෝහලට 10ක් පුලස්තිගම ‍රෝහලට 02ක් යොදවා ඇත. කන්තලේ මූලික රෝහල සඳහා 25ක්ද, ත්‍රීකුණාමලය මූලික ‍රෝහල සඳහා 53ක්ද, යොදවා ඇත.

හොරොව්පතාන මූලික රෝහල සඳහා 05ක්ද, කපුගොල්ලෑව රෝහල වෙත 10ක් ද යොදවා ඇත. තංගල්ල මූලික රෝහල සඳහා 05ක් ද, හම්බන්තොට රෝහලට 10ක්ද, තිස්සමහාරාම රෝහලට 10ක්ද, සිවිල් ආරක්ෂක සෙබළුන් යොදවා ඇත.

ගම්පොළ රෝහලට 13ක්, මාතලේ රෝහලට 30ක් පේරාදෙණිය රෝහලට 17ක් නුවර ජාතික රෝහලට 17ක් ද යොදවා ඇත.

පුත්තලම රෝහලට 30ක්, මාරවිල ‍රෝහලට 15ක් තබ්බෝව රෝහලට 03ක් හලාවත 60ක්ද, කල්පිටිය රෝහලට 12ක්ද මාන්පුදී රෝහලට 03ක් ද වශයෙන් යොදවා ඇත. මොනරාගල මූලික රෝහල සඳහා 35ක්ද, බුත්තල 10ක්ද බදුල්ල රෝහලට 10ක්ද පස්සර රෝහලට 05ක් වශයෙන් යොදවා ඇත.

ඒ අනුව මෙම වැඩ වර්ජනය නිසා අසරණ වූ රෝගීන් සඳහා අවශ්‍ය වන්නාවූ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් කඩිනමින් සහ කාර්යක්ෂමව ඉටු කර ගැනීම සඳහා දිවයින පුරා රෝහල්වල සිවිල් ආරක්ෂක බළකායේ භටවර භටවරියන් 1031 දෙනෙකු දහවල් රාජකාරී සඳහාද රාත්‍රී රාජකාරී සඳහා 707 දෙනෙකු ද යොදවා ඇත.

සිවිල් ආරක්ෂක බළකායේ සෙබළුන් කොළඹ ජාතික රෝහලේ සහ කළුබෝවිල මහ රෝහලේ සිය රාජකාරි සිදුකළ අයුරු.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා