වකුගඩු රෝගීන්ගේ දීමනාව රු.3000 දක්වා වැඩි කෙරේ

වකුගඩු රෝගීන්ගේ දීමනාව රු.3000 දක්වා වැඩි කෙරේ

මේ මස සිට රජය මගින් වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන රුපියල් දහසක (1000) දීමනාව රුපියල් තුන් දහස (3000) දක්වා වැඩි කෙරේ.

දිවි නැඟුම ව්‍යාපෘතිය යටතේ පිරිසිදු පානීය ජලය රැස් කර ගැනීම සඳහා ලබා දෙන ජල බඳුන් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ජල බඳුන් හාර දහසක් බෙදා දීම රඹෑව ප‍්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මහමල්ගොල්ලෑව සහ දිය උඩබැන්දෑව යන ප්‍රදේශ වලදී ඊයේ (19) සිදු කෙරිණි.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ප්‍රධාන ඇමැතිවරටයා, මේ ප්‍රදේශයට අද විශාල ප්‍රශ්නයක් වී තිබෙන වකුගඩු රෝගයට රජය සෑම අංශයකින්ම පිළියම් යොදනවා. පානීය ජල අවශ්‍යතාව සඳහා ස්ථීරසාර විසඳුනවා.

පානීය ජල අවශ්‍යතාව සඳහා ස්ථීරසාර විසඳුමක් සකස් කර අවසන් වකුගඩු රෝගය පවුලේ ප්‍රධානියාට වැළඳුනහොත් එම පවුලේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටෙනවා.

ඒ නිසා එම පවුල කෙරේ විශේෂ අවධානය යොමු කර තිබෙනවා. ඔවුන්ගේ ආර්ථිකය නගා සිටුවීමට ආදායම් උත්පාදන ක්‍රම හඳුන්වා දීමට පළාත් සභාවේ අවධානය යොමු කර තිබෙනවා. දැනට රජය මගින් වකුගඩු රෝගියෙකුට රුපියල් දහසක මුදලක් ලබා දෙනවා.

එය ප්‍රමාණවත් නොවන බැවින් එම මුදල මේ මස සිට රුපියල් තුන් දහස (3000) දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.මේ අවස්ථාවට පළාත් සභා මන්ත‍්‍රීණී කල්‍යාණී කරල්ලියද්ද, රඹෑව ප්‍රදේශීය සභාවේ සභාපති ප්‍රසන්න තෙන්නකෝන් යන මහත්ම මහත්මීහුද එක් වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා