බස්නාහිර පළාතේ ධාවනයට නුසුදුසු මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථ හඳුනාගැනීමේ පරීක්ෂණ 25-26-27 දිනවල

බස්නාහිර පළාතේ ධාවනයට නුසුදුසු මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථ හඳුනාගැනීමේ පරීක්ෂණ 25-26-27 දිනවල

බස්නාහිර පළාතේ ධාවනයට නුසුදුසු මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථ හඳුනාගැනීමේ පරීක්ෂණ මෙම 25, 26, 27 යනදිනයන්හි සිදුකරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ සභාපති අමිල රන්මණ්ඩල මහතා පැවසීය.

අධිකාරිය යටතේ ඇති කලාප කාර්යාල 7 හරහා මෙ පරීක්කෂණ කටයුතු සිදුකෙරෙන අතර, කලාපවලට අයත් මාර්ගවල ධාවනය කෙරෙන බස්රථ එකම ස්ථානයකට ගෙනැවිත් පරීක්ෂාවට ලක් කරන බව සභාපතිවරයා සඳහන් කළේය.

බස්රථ පරීක්ෂා කිරිම සඳහා කාර්මික ක්ෂේත්‍රයේ ඉංජිනේරුවරුන්, ජර්මන් කාර්මික ආයතනයේ ඉංජිනේරුවරුන් හා පොලිස් අංශයේ නිලධාරින් සම්බන්ධ කරගන්නා බව රන්මණ්ඩල මහතා පැවැසීය.

පරීක්ෂණයේදී මගී ප්‍රවාහනයට නුසුදුසු යැයි හඳුනාගන්නා බස්රථ ගර්භිත තත්වයට පත්කොට ධාවනයෙන් ඉවත් කරන අතර, ඒ වෙනුවට අලුත් බස්රථ මිලදී ගැනීම සඳහා මාස 6ක කාලයක් දෙනු ලැබේ.එසේම ධාවනයට සුදුසු තත්වයට පත්කරගත හැකි බස්රථවෙතොත් ඒවා සුදුසු තත්වයට පත් තර ගැනිම සඳහාද අවස්ථාව ලබාදෙනබව ඒ මහතා පැවැසීය.

මගී ජනතාවට හොඳ බස්සේවාවක් ලබාදිම මෙහි අරමුණ බව සභාපතිවරයා සඳහන් කළේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා