සාගර ආර්ථිකය ශක්තිමත්කර ශ්‍රී ලංකාව ලෝකයේ දිදුළන තැනකට ‍රැගෙන යාමට රජය කටයුතු කරනවා

සාගර ආර්ථිකය ශක්තිමත්කර ශ්‍රී ලංකාව ලෝකයේ දිදුළන තැනකට ‍රැගෙන යාමට රජය කටයුතු කරනවා

 ඇමැති ඩලස් අලහප්පෙරුම මැතිසබේ දී කියයි

සාගර ආර්ථිකය ශක්තිමත් කරමින් ‍ලෝක සිතිය‍මේ ශ්‍රී ලංකාව නමැති රන් දිවයින දිදුළන තැනකට ‍ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව ‍යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්‍පෙරුම මහතා පාර්ලි‍මේන්තු‍වේ දී ඊ‍යේ (20) ප්‍රකාශ ක‍ළේය. සාගර විශ්වවිද්‍යාල පනත් ‍කෙටුම්පත ‍දෙවන වර කයවී‍මේ විවාදයට එක්‍‍වෙමින් ඇමැතිවරයා ‍මේ බව කී‍වේය. සෙං‍කෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (20) පස්වරු 1ට රැස්විය.

ලිපි ලේඛන වාර්තා ඉදිරිපත් කිරීම හා මහජන පෙත්සම් පිළිගැනිවී‍මෙන් පසු වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රිවරු ඇසූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.

සාගර විශ්වවිද්‍යාල පනත් ‍කෙටුම්පත ‍දෙවන වර කියවීමේ ‍විවාදය ආරම්භ කළ ‍යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්‍පෙරුම මහතා ‍මෙ‍සේ කීය.

21වන ශත වර්ෂයේ සාගර ආර්ථිකයක් ගැන ලොව පුරා කතා කරන විට එය වඩාත් ප්‍රායෝගිකව අපේ දරුවන්ට වඩාත් පුළුල් ව අධ්‍යයනය කරන්න අත දිගු කළ නායකයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ස්තූතිවන්ත විය යුතුයි . සාගර විද්‍යාව පුළුල් කළ යුතුයි. නවීනත්වය මෙරටට කැඳවා ගත යුතුයි.

ඒ සඳහා සාගර විශ්වවිද්‍යාල පාඨමාලාවන් සැකසිය යුතුයි. අපේ රටේ පළමු වතාවට සම්ප්‍රදායක ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිසට නූතන තාක්ෂණය හඳුන්වා දීමට මේ මගින් අවස්ථාව ලැබෙනවා. සාගර ආර්ථිකය ශක්තිමත් කරමින් ‍ලෝක සිතිය‍මේ ශ්‍රී ලංකාව නැමැති රන් දිවයින දිදුළන තැනකට ‍ගෙන ඒමට අප කටයුතු කරනවා.

නි‍යෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍ර කුමාර මුරු‍ගේසු මහතා මුලසුනට පැමිණි‍යේය.

අලහප්පෙරුම මහතා- මෙවැනි මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන්නේ සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ කාලයේදීයි. එය පළමු අවස්ථාව වන අතර දෙවන අවස්ථාව වන්නේ 1997දී ය. නිෆ්නි ආයතනය පැවතියේ ධීවර අමාත්‍යාංශය යටතේ වන අතර මේ ර‍ටේ සැළකිල්ල අඩුවෙන් පැවති තාක්ෂණවේදී විෂය ගැන අවධානය යොමු කරමින් යෞවන කටයුතු හා නිපුණතා කටයුතු අමාත්‍යාංශය යටතට පැවරිණි. ඒ යටතේ සාගර විශ්විවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට පියවර ගනිමින් වරායට ආසන්නව අක්කර 45ක භූමි භාගයක ඉදිකිරීම් සිදු කරමින් ඇත.

ධීවර, සමුද්‍රවිද්‍යාව හා සමුද්‍ර තාක්ෂණය ගැන විධිවිධාන සැලසීම, ධීවර ක්ෂේත්‍රයට අදාළ තාක්ෂණ අධ්‍යාපනය ලබාදීම මේ මගින් සිදු කෙරෙනවා.

මේ පනත අනුව ජාතික ධීවර හා සමුද්‍ර ආයතනය අලුත් අධ්‍යයනයන් යටතේ ක්‍රියාත්මක කෙරේ. ධීවර හා සමාන ක්ෂේත්‍රවල අයට දැනුමදීම, වෘත්තීය සංවර්ධනය සඳහා පාඨමාලා සැකසීම, දැනට සිසුන්ගේ දක්ෂතාව හා හැකියාව මත පදනම් ව ඉංජිනේරු විද්‍යාව, සමුද්‍ර තාක්ෂණය හා ප්‍රවීණත්වය වැඩිකිරීමට සහන සැලසදීමට සාගර විශ්වවිද්‍යාලය මගින් පියවර ගැනේ. නිපුණතා සංවර්ධනය මේ රටේ හැම ආණ්ඩුවක්ම නොසළකා හැරිය විෂයයක්.

1893 දී මේ රටේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය කාලයේ දී ආරම්භ කළ මරදානේ කාර්මික විද්‍යාලයෙන් තාක්ෂණ විෂය හඳුන්වා දුන්නත් අපේ හැම ආණුඩුවක්ම ඒ වෘත්තීය අධ්‍යාපනය නඟාසිටුවන්න පියවර ගත්තත් ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා එය ප්‍රමාණයත් වුණේ නැහැ. අද මහින්ද රාජපක්ෂ යුගයේ තීරණ 5ක් ක්‍රියාත්මක කරමින් තාක්ෂණ විෂය හඳුන්වා දී ඇත. මේ රටේ ජාතික නිපුණතා සම්මතයක් ගොඩනැඟීම හා මෙය උපාධිය දක්වා ක්‍රියාත්මක කිරීම පළමු තීරණයයි. උපාධිය දක්වා ගිය හැකි වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල මෙරට ගොඩනැඟුනේ පළමු වරටයි.

මේ නිසා පාසල් හැරයන දරුවන්ට ජාතික ආර්ථිකයට දායකත්වය දෙන්න හැකියාවක් පවතී. පාසල් දරුවන් වෙනුවෙන් උසස් පෙළ විෂය නිර්දේශයට තාක්ෂණවේදී විෂය ඇතුළත් කිරීම, ශ්‍රම වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් පාඨමාලා 27ක් මෙහිදී හඳුන්වා දෙනු ඇත. ජාතික වෘත්තීය සුදුසුකම් ගොඉනැඟීම හරහා පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි දක්වා ගමන් කළ ගමන් කළ හැකි බවත් රාජ්‍ය වැය සම්පතෙන් වෙන් කරන මුදලට වඩා 2016දී ආසියානු සංවර්ධන බැංකුවෙන් හා ලෝක බැංකුවෙන් ඇ.ඩො.මිලියන 400ක් මෙරට වෘත්තීය නිපුණතා හදාරන දරුවන් වෙනුවෙන් වෙන් කළා.

පත්කළ මන්ත්‍රී ‍‍ජෝශප් මයිකල් ‍පෙ‍රේරා මහතා (එජාප)- නාවික ක්ෂේත්‍රය දියුණු කිරීමෙන් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියි. එම නිසා නාවික හා සාරග ක්‍ෂේත්‍රය සංවර්ධවය කිරීම සඳහා ‍ගෙන එන ‍යෝජනා කා‍ලෝචිතයි. ‍මේ ක්ෂේත්‍රය ඇති ක‍ළේ ධිවර ජනතාව‍ගේ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීමට නිසා ඔවුන්ගේ අධ්‍යාපනය සංවර්ධනයටත් ‍මෙමගින් අවධානය ‍යොමු කරන්න. ‍ලෝක‍යේ දියුණුම ස්ථානයට අ‍පේ ර‍ටේ සාගර විශ්ව විද්‍යාලය‍ගෙන ඒමට කටයුතු කරන්න.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා (එජනිස)- නාවික ක්‍ෂේත්‍ර‍යේ ඇති අවස්ථාවන් හා ආර්ථික වැදගත්කම ජනාධිපතිතුමා ධීවර ඇමැතිවරයා ‍ලෙස කටයුතු කරන අවධි‍යේදීම දැක්කා. ජනාධිපතිතුමා නිවැරැදි තීන්දු තීරණ අර‍ගෙන සාගර විශ්ව විද්‍යාලය පිහිටුවීමට කටයුතු ක‍ළේ ඒ නිසායි. ‍මෙය පළමු වරට ආරම්භ ‍ක‍ළේ ධීවර ජනතාව‍ගේ දරුවන්ට අධ්‍යාපනය ලබාදී‍මේ අරමුණින් වුවත් පසුව එය ඩිප්ලෝමා හා උපාධිය දක්වා ඉහළ තැනකට ‍ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කළා. නාවික ක්‍ෂේත්‍රය දියුණු තැනකට ‍ගෙන ඒමට නව තාක්ෂණය ‍යොදා ගැනීමට ‍මෙම පනත් ‍කෙටුම්පත මගින් හැකි‍වෙනා.

ධිවර ක්‍ෂේත්‍රය තුළත් සාගර විද්‍යා ක්‍ෂේත්‍රය තුළත් නව පිබිදීමක් ඇති ‍වෙලා. සාගර විශ්ව විද්‍යාලය ඇතුළත මැතක දී අර්බුදයක් හට ගත්තා. එම අර්බුදයට මුහුණ ‍දෙමින් ඉදිරියට ආ අ‍පේ තරුණ නංගිලා මල්ලිලාට මා ස්තුති වන්ත ‍වෙනවා. ආචාර්ය මණ්ඩලයටත් මා ස්තුති කරනවා. ඔවුන්ගේ කැපවීම මතයි අද ‍‍සාගර විශ්වවිද්‍යාලය කියන ආයතනය ඉදිරියට ආ‍වේ.

නිදහස් අධ්‍යපාන‍යේ ඉහළම තැනට අද රට පැමිණ ති‍බෙනවා. මහින්දෝදය ගණිතාගාර, විද්‍යාගාර, භාෂාගාර තාක්ෂණ විෂය ධාරව හා සාගර විශ්වවිද්‍යාලය වැනි ආයතන බිහිවෙලා ති‍බෙනවා. ‍මේ සියල්ලම මහින්ද රාජපක්ෂ යුග‍යේ දී කරන්න හැකි වු‍ණේ නිවැරැදි නායකත්වය නිසයි. නාවික ක්‍ෂේත්‍ර‍යේ සැබෑ ‍කොටස් කරුවන් ‍‍ලෙස ග‍මේ අම්මා තාත්ත‍ගේ දරුවන්ට අවස්ථාව ලබාදී ති‍බෙනවා.

නව සාගර විශ්වවිද්‍යාලය නීති රාමුවෙන් ධීවර ප්‍රජාව‍ගේ දරුවන්ටත් අවස්ථාව හිමි විය යුතුයි. නැතිනම් ජනාධිපතිතුමා ‍මේ සාගර විශ්වවිද්‍යාලය ආරම්භ කළ අරමුණ ඉටු ‍වෙන එකක් නැහැ. ඒ ව‍ගේම ධිවරයන්ගේ කා‍ලෝචිත ගැටලුවලට විසඳුම් ලබා දීමටත් සාගර විශ්වවිද්‍යාලයට හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුයි.

කාලගුණ, සීමාමායිම්, නවීන තාක්ෂණය වැනි ‍දේ පිළිබඳ ධිවරයන් දැනුවත් කිරීමට කටයුතු කළ යුතුයි. කුමාරතුංග මුනිදාස සූරින් කියා ති‍බෙනවා අළුත් අළුත් දෑ ‍නොතනන ජාතිය ‍ලොව ‍නොනගී කියලා.

ඒ නිසාම අද සාගර විශ්වවිද්‍යාලයට අළුත් අළුත් ‍දේ එකතු කිරී‍මෙන් සාගර ආර්ථිකය ජාතික ආර්ථිකට මහත් දායකත්වයක් සපයයි. ‍මේ නව පනත් මගින් ‍ලොවක් ජය ගන්න පුළුවන් තරුණු පරපුරක් නිර්මාණය කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා.

‍කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රභා ග‍නේෂන් මහතා මුලසුනට පැමිණි‍යේය.

වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී පී අ‍ඩෙක්කලනාදන් මහතා (‍දෙජාස)-සාගර විශ්වවිද්‍යාලය සංවර්ධනය කිරීමට ‍ගෙන ආ පනත් ‍කෙටුම් පත කා‍ලෝචිතයි. ‍මෙමගින් උතුරු පළා‍තේ දරුවන්ටත් විශාල වාසි රැසක් ලැ‍බෙනවා. සාගර විශ්වවිද්‍යාල‍යේ ශාඛාවක් මන්නාරම ප්‍ර‍දේශ‍යේ ස්ථාපිත කරන්න කියා මා ඇමැතිවරයා‍ගෙන් ඉල්ලනවා.

‍සෞඛ්‍ය නි‍යෝජ්‍ය ඇමැති ලලිත් දිසානයක මහතා- මිනිසා‍ගේ පරම යුතුකම මිනිසාට ‍සේවය කිරීමයි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ බන්ඩාරනායක ශ්‍රීමතාණන් කිව්වා. අද වන විට මහින්ද රාජපක්ෂ මහතා එය යථාර්ථයක් බවට පත් කරමින් සිටිනවා. ශ්‍රී ලංකා‍වේ භූමියට වඩා සියයට 88ක් අපට සාගරය ති‍බෙනවා.

අපට ති‍බෙන සියයට 88ක සාගර‍යේ ති‍බෙන සම්පත්වලින් ප්‍ර‍යෝජනය ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා තුන්කල් දකින නායක‍යෙක් ‍ලෙස දැක්කේ 1997දී යි. එදා එතුමා ධිවර ඇමැතිවරයා ‍ලෙස සාගර විශ්වවිද්‍යාලය පිහිටුවා සාගර සම්පත ර‍ටේ ප්‍ර‍යෝජනයට ගැනීමට සැලසුම් කළා. ඒ ‍වෙනු‍වෙන් ශ්‍රම බළකායක් නිර්මාණය කිරීමටත් සාගර ආර්ථිකය සංවර්ධනය කිරීමටත් එතුමා අද වන විට කටයුතු කර ති‍බෙනවා.

සම්පත් සම්බන්ධීකරණයෙන් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනා‍ධිපතිතුමා කටයුතු කර ති‍බෙනවා. අද ‍ගෙන එන සාගර විශ්වවිද්‍යාලය පනත් ‍කෙටුම්පතින් අ‍පේ තරුණ ප්‍රජා‍‍ව‍ගේ රැකියා ප්‍රශ්නයට විසඳුම් ලැ‍බෙනවා ව‍ගේම ආර්ථිකයත් ශක්තිමත් ‍වෙනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත ‍හේරත් මහතා (ප්‍රජාස) - සාගර විශ්ව විද්‍යාලයක් පිහිටුවීම පනත් ‍දෙකක්. ධීවර ක්‍ෂේත්‍ර‍යේ නියැළි සිටින අයට ‍මෙය ප්‍ර‍යෝජනවත් ‍වේවි. නමුත් ‍මේ විශ්වවිද්‍යාලය විශ්ව විද්‍යාල ‍කොමිෂන් සභාවට යටත් ‍වෙනේ නැහැ.

ඒක ප්‍රශ්නයක්. එ‍සේම ගාස්තු අය කරන පාඨමාලා ගැන කතා කරනවා. ‍මේ පිළිබඳ පැහැදිළි කිරීමක් අවශ්‍යයි.

ජනතා වතුකළමනාකරණ පිළිබඳ ‍ජ්‍යෙෂ්ඨ ඇමැති මිල්‍‍රෝයි ප්‍රනාන්දු මහතා- සමාජ‍යේ ධීවරයාටත් ‍හොඳ තැනක් ලබා දීමට ධිවර ඇමැතිවරයා වශ‍යෙන් මහින්ද රාජපක්ෂ මහතා ගත් පියවර අද තවත් ඉදිරියට පැමිණ ති‍බෙනවා.

ධීවරයාට දැනුම ලබාදීමට ‍මේ විශ්ව විද්‍යාලය අවශ්‍යයි. අ‍පේ සාගරයේ සම්පත් ‍බො‍හෝ ති‍බෙනවා. මැණික් ‍සොයනවා ව‍ගේ මුතු කිමිදීම යළි ආරම්භ කළ යුතුයි. ‍මේ විශ්වවිද්‍යාලයෙන් ධීවර පවුල්වල දරුවන්ට වැඩි අවස්ථාව ලබා ‍දෙන්න ඕන.

ධීවර හා ජලජ සම්පත් ඇමැති රාජිත ‍සේනාරත්න මහතා- ධීවර, නාවික, සමුද්‍රික ක්‍ෂේත්‍රවල දැනුම ධීවරයන්ට ලබාදීමට පියවර ගන්න ඕනෑ.‍ ලෝක ‍වෙළඳා‍මෙන් සියයට 80ක් ධීවර හා සමුද්‍රීය ක්‍ෂේත්‍රය මගින් සිදුවන නිසා ‍මේ විශ්වවිද්‍යාලය ඉතා වැදගත්. ආනයන ආර්ථිකය නිල් ආර්ථිකයක් බව අදවන විට පිළි‍ගෙන ති‍බෙනවා. එහි පු‍රෝගාමී ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව ‍‍තෝරා‍ගෙන ති‍බෙනවා. ‍මේ ක්‍ෂේත්‍රයෙන් අප ඉතා ඉදිරි‍යෙන් ගමන් කරනවා.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී සජිත් ‍ප්‍රේමදාස මහතා (එජාප)- අධ්‍යපාන, ධීවර ක්‍ෂේත්‍ර ගැන කතා කළත් ධිවරයන්ට ‍දෙන ඉන්ධන සහනාධාරය කපලා. ධීවර ගම්මාන නිවාස වැඩසටහන අද නැහැ. ඒත් ‍මේ වැඩසටහනට අපි ‍කොන්දේසි විරහිතව සහ‍යෝගය ‍දෙනවා. ‍යෞවන පරපු‍රේ අභිලාෂයන් අද විනාශ මුඛයට ‍ගොස් ති‍බෙනවා. තරුණ විරැකියා ප්‍රතිශතය වැඩි ‍වෙලා.

පත් කළ මන්ත්‍රී ජානක බණ්ඩාර මහතා මුලසුනට පැමිණි‍යේය-

පත්කළ මන්ත්‍රී ‍ජේ ආර් පී සුරියප්පෙරුම මහතා (එජනිස)- සාගරය කියන්නේ ලංකාවට ‍ලෝකය වවෘත කරන තැනයි.

ලංකාව සාගර විද්‍යාවට ‍ගෙනිහින් අලුත් ශ්‍රී ලංකාවක් ඇති කරන්න ජනාධිපතිතුමා කටයුතු කළා.

ලංකාව මහා පිම්මක් පනින්නයි යන්නේ. ‍මේ පියවර සමඟ සාගර කලාපයක් සාගර ආර්ථිකයක්, සාගර විශ්වවිද්‍යාලයක්සාගර තාක්ෂණයත් හරහා ‍ගොඩබිම ආර්ථිකයට සාගර ආර්ථිකයත් එකතු කළ හැකි ‍වෙනවා.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රි නි‍රෝෂන් ‍පෙ‍රේරා මහතා (එජාප)- සාගර විද්‍යාව දියුණු කිරී‍මෙන් දියුණුව ළඟාකර ගත හැකි ‍වේනවා.

අ‍පේ රට ‍‍ගොඩබිම ‍මෙන්ම සාගර ආර්ථික‍යෙනුත් ඉදිරියට යනවා. අ‍පේ මුහුදු තීරය හරහා අතීත‍යේ දී රටට විශාල බලපෑමක් ඇති වුණා. අද ර‍ටේ තරුණ විරුකියාව වැඩි ‍වෙලා. ධීවර කර්මාන්තයට නව ජීවයක් නව තාක්ෂණයක් ‍මෙන්ම තරුණ තරුණියන්ට ‍මේ හරහා නව ජීවයක් ලබා දුන්නොත් ඔවුන් ඉදිරියට යාවී.

සමාජ ‍සේවා ඇමැති ෆීලික්ස් ‍පෙ‍රේරා මහතා- ධීවර විශ්ව විද්‍යාලය පිහිටුවීමට ජනාධිපතිතුමාට ස්තූතිවන්ත ‍වෙන්න ඕනෑ. පුංචි මාලුවා‍ගේ සිට මුතුඇටය දක්වා සාගර‍යෙන් ‍නෙලා ගත හැකියි.මින් ධිවරයාට ප්‍රමුඛත්වය දීමට කටයුතු කළ යුතුයි.

නව තාක්ෂණය ලබා දී‍මෙන් සාගරයට යාමට‍ බො‍හෝ ‍දෙනා කැමති ‍වේවී. විශ්ව විද්‍යාලයට සිසුන් බඳවා ගැනී‍මෙන් ධිවර පවුල්වල දරුවන්ට තැනක් ‍දෙන්න කියා මා ඉල්ලනවා. ධීවර පුවල්වල දරුවන් ‍කොරියා‍වේ ‍සේවයට ගිහින් ‍කොරියන් නැව්වලින් ඇවිත් අ‍පේ මතස්‍ය සම්පත ‍නෙලා‍ගෙන යනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා (එජාප)-‍මේ විශ්වවිද්‍යාලය පටන් ගැනී‍මේ ඇති අඩුපාඩු හදා‍ගෙන ඉදිරියට යමු.

ඩලස් අලහප්පෙරුම මහතා - ‍මේ විශ්ව විද්‍යාලයට තරග විභාගවලින් සිසුන් ගන්න කියන මත‍යේද ඔබ සිටින්නේ?

‍ජෝෂප් මයිකල් ‍පෙ‍රේරා මහතා- නැහැ. ‍මෙය වි‍ශේෂිත විශ්ව විද්‍යාලයක් තරග විභාගවලින් අර‍ගෙන බැහැ.

කාරියවසම් මහතා- ‍මේ ර‍ටේ සාමාන්‍ය ‍‍පෙළ අසමත් අය සියයට 70ක් පමණ ‍වෙනවා.‍ මේ අය ‍යොදා ගන්නේ ‍මොනවාටද? අ‍පේ අවශ්‍යතාවන්ට ගැල‍පෙන පරිදි පාඨමාලා සකස් කරන්න ඕනෑ. සුදුසුකම් ඇති අය පත් කරන්න. අ‍පේ ආණ්ඩුව ජනසවියට ගුරුපත්වීම් දීම ගැන මම විරුද්ධයි.

කම්කරු හා කම්කරු සබදතා නි‍යෝජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීර‍සේකර මහතා - සාගර විශ්වවිද්‍යාලයක් අවශ්‍ය වන්නේ අපට සුවි‍ශේෂ වූ නාවික සම්ප්‍රදායක් ති‍බෙන නිසායි. අ‍පේ ශිෂ්ටාචාරය ‍පෝෂණය කිරීමට ‍මේ මහා සාගරය අපට උපකාරී වුණා.

ක්‍ර‍මෝපායික ස්ථානයක අ‍පේ රට පිහිටා ති‍බෙනවා. නාවුක වාස්තු ශිල්පය අ‍පේ උරුමයක්. ‍මේ සියලු ‍දේ සාගර විශ්වවිද්‍යාලයට ලබා ගන්න ඕනෑ.

‍කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි සුජීව ‍සේනසිංහ මහතා (එජාප)- ‍‍මේ ර‍ටේ දූෂණයෙන් ‍බේරී ඇත්තේ විශ්වවිද්‍යාල පද්ධතිය පමණයි. අද එයටත් ඇඟිලි ගහන්න හදනවා. ඒ ව‍ගේ අවස්ථාවක සාගර විශ්ව විද්‍යාලයට කරන බඳවා ගැනීම් නිවැරැදිව සිදු‍වේ ද කියා සැකයක් ඇති ‍වෙනවා. ඇමැතුමා යහපත් ‍චේතනා‍වෙන් ‍මෙය සිදු කළත් ‍වෙනත් බලපෑම් ගැන විශ්වාසය තැබිය නොහැකියි.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් කුමාර මහතා (ස්වාධීන)- ‍මේ පනත ඉදිරිපත් කර සති ‍දෙකක් ඇතුළත සම්මත කර ගැනීම සුදුසු නැහැ

නි‍යෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රකුමාර මුරු‍ගේසු මහතා මුලසුනට පැමිණි‍යේය.

අජිත් කුමාර මහතා- ‍මේ පනතින් සිදුවන්නේ ජාතික නාවික ඉංජ‍නේරු විද්‍යායතන‍යේ නම සාගර විශ්වවිද්‍යාලය කියා ‍වෙනස් කිරීම පමණයි. දැනට ති‍බෙන විද්‍යායතනයට උපාධි ලබාදී‍මේ බලය ති‍බෙනවා. ‍මෙහි පාඨමාලා හැදෑරීමට මුදල් අය කරන නිසා මා ‍මෙයට විරුද්ධයි.

අධ්‍යාපන නි‍යෝජ්‍ය ඇමැති ‍මොහාන් ලාල් ‍ග්‍රේරු මහතා- විපක්ෂ‍යේ ‍බො‍හෝ ‍දෙනක් ‍මේ සාගර විශ්වවිද්‍යාල පනත් ‍කෙටුම්පත පිළිබඳ ‍හොඳින් කතා කළා.

නමුත් ජානතා විමුක්ති ‍පෙරමුණ වෘත්තීය අධ්‍යපානය පිළිබඳ අකමැත්තක් ‍පෙන්නුවා. ‍මේ සාගර විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන ‍කොමිෂන් සභාවට යටත් ‍‍නොවන නිසා ‍මේ පිළබඳ සෑහිමකට පත්වන‍නේ නැහැ කියා විජිත ‍හේරත් මහත්තයා කිව්වා.

නමුත් සම්ප්‍රදායක ධිවර කර්මාන්ත‍යේ ‍යෙදී සිටන අයටත් ‍ සාගර විශ්වවිද්‍යාල මගින් ඩිප්ලෝමා හා උපාධිය දක්වා යාමට ‍මෙමගින් අවස්ථාව සැ‍‍ල‍සෙනවා.

ඩිප්ලෝමාව හදාරා රැකියාවට ‍ගොසින් නැවත පැමිණි උපාධි පාඨමාලව හැදෑරීමට හැකියාව ති‍බෙනවා. ‍මේ උපාධි පාඨමාලව ගාස්තු ඉතා අඩු ගණක් ‍වෙන්නේ. ‍මේ පාඨමාලාව හැදෑරී‍මෙන් රුපියල් ලක්ෂ පහක මාසික ‍වේතනයක් ගන්න පුළුවන්. ‍මේ පාඨමාලාවට යන මුදල එක මාසයක වැටු‍පෙන් ලබා ගන්න පුළුවන්.

වි‍දේශ රටක ‍මේ පාඨමාලාව හැදෑරුව‍හොත් රුපියල් ලක්ෂ 127ක් වැය‍වෙනවා. ‍මෙය ප්‍රා‍යෝගික පාඨමාලා සහ ‍ලෝක‍යේ රැකියා ති‍බෙන වැඩපිළි‍වෙළක් සාගර විශ්වවිද්‍යාල යෙන් ක්‍රියාත්මක කරන්නේ. ‍මෙයින් බිහිවන උපාධිධාරියා රැකියා විරහිත උපාධිධාරී සංගමයට යන උපාධිධාරි‍යෙන් ‍නො‍වෙයි. එවැනි දැවැන්ත පාඨමාලාවක් තමයි අප හඳුන්වා ‍දෙන්නේ.

පනත සං‍ශෝධන සහිතව සම්මත විය.

පාර්ලි‍මේන්තුව අද (21) පස්වරු 1ට යළි රැස්වේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා