රටේ සංවර්ධනයේ කීර්තිය ජනාධිපතිට හිමි වෙන්න ඕනෑ

රටේ සංවර්ධනයේ කීර්තිය ජනාධිපතිට හිමි වෙන්න ඕනෑ

ඇමැති නිර්මල කොතලාවල

අප අතර විරසක භාවය මතවාද ජනතාවට වැඩක් නෑ. ජනතාවට අවශ්‍ය වෙන්නෙ තමන්ගෙ කටයුතු ඉෂ්ඨ වෙන ජන බලයක්. මේ සියලු දේවල් ජනතාවගෙ බලාපොරොත්තු. සමස්ථ රටේ සංවර්ධනයේ කීර්තිය ජනාධිපතිතුමාට හිමි වෙන්න ඕනෑ. එතුමා අපට දිගු කරන අතට කිසිවිටෙකත් පහර දෙන්නනෙ නෑ යයි වරාය මහාමාර්ග හා නාවික කටයුතු ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා පැවසුවේය.

ඒ මහතා එසේ පැවසුවේ ලක්ෂ පන්සීයක වියදමින් හොරණ මොරොන්තුඩුව මාර්ගයේ පරගස්තොට ලාවලුගස් හන්දියේ සිට කි. මී. 3ක් දුරට කාපට් අතුරා සංවර්වර්ධණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි .

මේ ව්‍යාපෘතිය සෘජු කම්කරු ව්‍යාපෘතිය යටතේ මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන මගින් කළුතර විධායක ඉංජිනේරු කාර්යාලයේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

මෙහි දි තව දුරටත් අදහස් දැක්වු නිර්මල කොතලාවල මහතා මෙසේ ද පැවසුවේය

අද මේ ජනතාවගෙ බලාපොරොත්තුවක් ඉෂ්ඨ වෙන වෙලාවක්. මේ මාර්ගයට ලක්ෂ පන්සීයක් වෙන් වෙලා තියෙනව. මේ මුදල් රටේ ජනතාවගෙ මුදල්. රටේ ජනතාවගෙ වැඩ පිළිවෙළ ඉෂ්ඨ සිද්ධ කරන්නයි අපි ජනතාවගෙ බලය ලබා ගත්තෙ. ජනතාවට දිපු බලාපොරොත්තු පොත් වල කොල වලට පමණක් සීමා නොකර ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළකටයි අපි යන්න ඕනැ.

අවුරුදු නමයකින් සමස්ථ ප්‍රතිඵල ලබන මොහොතක්. එක කොටසක් තමයි පරගස්තොට මාර්ගය. ඒ මාර්ගය ආරම්භ කරන කොට මගෙන් ප්‍රතිලාභ නිවැරදිව ක්‍රියාත්මක කෙරෙන කාර්ය හිමි වෙන්න ඕනැ ජනතාවට. නිවැරදිව පැහැදිලිව පිරිසිදුව ඒක ක්‍රියාත්මක කළා . ඒක ජනතාවගේ ජයග්‍රහනයක්.

බණ්ඩාරගම ආසනය සෑම කාරණයකදිම පිංවන්ත පැත්තක්. බණ්ඩාරගම ආසනයෙ දේශපාලන පිංවන්ත භාවය නිවැරදිව භාවිතා කරන කොට ඉතිහාසය පුරාම හැමදාම බණ්ඩාරගම ආසනයෙ ඡන්දෙන් පස්සෙ නියෝජිතයෙක් නෑ. නිර්මල කොතලාවල ආවෙ අඩුම ඡන්දෙ තියෙන කොට්ඨාසයෙන්. වැඩිම ඡන්දෙ තියෙන බණ්ඩාරගමට ඡන්දෙන් පස්සෙ නියෝජිතයෙක් නෑ. ප්‍රගතශිලි වාමාංශික මතවාදය වෙනුවෙන් භන්ඩාරගම මහජන බලයට බාධාවක් වෙනව.

අරකාගොඩ ලංකාතිලක විහාරාධිපති කල්ලංචියේ පියරතන හිමියන් විසින් අනුශාසනා කතාව සිදු කළ අතර ප්‍රාදේශිය සභා මංත්‍රි ජයසේන රුද්‍රිගෝ මහතා පිලගැනීමේ කතාව සිදු කළේය. මෙහිදි බණ්ඩාරගම ශ්‍රි.ල.නි.ප ප්‍රධාන සංවිධායක ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා කතා කළ අතර පළාත් සභා මංත්‍රිවරුන් වන නිමල් චන්ද්‍රරත්න ලලිත් එල්ලාවල, මහා මාර්ග අමාත්‍යාංශයේ විධායක ඉංජිනේරු (කළුතර) හරිත් චතුරංග, කාර්මික නිළධාරි ඒ. සී ද සිල්වා, ප්‍රාදේශිය සභා මංත්‍රිවරුන් වන ගිහාන් පෙරේරා, සමන්පා ජිනේන්ද්‍ර, සංජීව කුලතිලක, රංජිත් සිල්වා, උපුල් ඉන්දික, නිශාන්ත සරත් කුමාර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා