මාධ්‍යවේදී සංවර්ධන සම්මන්ත්‍රණය 25 වැනිදා රත්නපුරයේදී

මාධ්‍යවේදී සංවර්ධන සම්මන්ත්‍රණය 25 වැනිදා රත්නපුරයේදී

දිස්ත්‍රික් සංවර්ධනයේදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය යන තේමාව යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දීප ව්‍යාප්තව දිස්ත්‍රික් මට්ටමින් පවත්වනු ලබන මාධ්‍යවේදී සම්මන්ත්‍රණ මාලාවේ රත්නපුර දිස්ත්‍රික් සම්මන්ත්‍රණය මෙම 25 දින පෙ.ව.9.00ට රත්නපුර ලෙල්ලුපිටියේ සිල්වරේ හෝටලයේ දී පැවැත්වේ.

රත්නපුර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක සහ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත රජයේ සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව විධිමත් අවබෝධයක් දිස්ත්‍රික් මාධ්‍යාවේදීන්ට ලබාදී ඔවුන් මඟින් එය ගමට හා රටට සන්නිවේදනය කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණ වේ. මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය කුසලතා හා දැනුම සංවර්ධන මාධ්‍යකරණයේදී ක්‍රමවත්ව යොදා ගන්නේ කෙසේද? එසේම විශ්ව පුරවැසි මාධ්‍යකරුවකු ලෙස තම පෞරුෂත්වය ගොඩ නඟා ගනිමින් මාධ්‍ය හැසිරවිය යුත්තේ කෙසේද? යන්න පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්තප්‍රිය රාමනායක යන මහත්වරුන් විසින් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමට නියමිතය. රත්නපුර දිස්ත්‍රික් සංවර්ධනය පිළිබඳ දේශනය දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා විසින් සිදු කරනු ලබයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා