සෞඛ්‍ය වෘත්තීය ගැටලු වහාම විසඳන්න:

සෞඛ්‍ය වෘත්තීය ගැටලු වහාම විසඳන්න:

ජනපතිගෙන් අදාළ අංශවලට උපදෙස්

සෞඛ්‍ය වෘත්තීය සමිතිවල ගැටලු වහාම විසැඳීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත ඊයේ (20) උපදෙස් දුන්නේය.

ජනාධිපතිතුමා මෙසේ උපදෙස් දුන්නේ සෞඛ්‍ය ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ සාමාජිකයන් සමඟ අරලිගහ මන්දිරයේ දී ඊයේ (20) සවස පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ ශ්‍රේණි 27 ක් නියෝජනය වන පරිදි ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව ඉදිරිපත් කළ යෝජනා 5 පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේය.

අදාළ වෘත්තීය සමිති නියෝජිතයන්ගේ ද අදහස් සැළකිල්ලට ගනිමින් අදාළ විසැඳුම් සකස් කර මාස 3ක් ඇතුළත ඒවා ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපතිවරයා නියෝග කළේය.

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පි. බී. අබේකෝන් මහත්වරු සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුධර්මා කරුණාරත්න මහත්මිය ඇතුළු පිරිසක් මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා