චීන‍ බැංකුවලින් ණය ගත්තේ 2%ක ‍පොලී අනුපාතයකට

චීන‍ බැංකුවලින් ණය ගත්තේ 2%ක ‍පොලී අනුපාතයකට

නි‍යෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම

ගතවූ වසර තුනක කාලයක සිට රජය චීන‍යේ බැංකුවලින් ණය ලබා ‍ගෙන ඇත්තේ සියයට 2ක ‍පොලී අනුපාතයකට බව මුදල් නි‍යෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා පාර්ලි‍මේන්තු‍වේ දී ඊ‍යේ (20) ප්‍රකාශ ක‍ළේය.

සියයට 90ට වැඩි ණය ප්‍රමාණයක් චීන‍යේ එක්සිම් බැංකු‍වෙන් රජය ලබා ‍ගෙන ඇත්තේ ලැ‍බෙන ‍කොමිස් මුදල නිසායැයි එජාපය කරන ‍‍චෝදනාව තර‍යේ ප්‍රතික්‍ෂේප කළ ආචාර්ය සරත් අමුණුගම මහතා රජය එක්සිම් බැංකුවට අමතරව චීන‍යේ තවත් බැංකු කිහිපයකින් ණය ලබා ‍ගෙන ඇති බව කීය.

චීන බැංකුවලින් සියයට 6ට අධික ‍පොලියට ණය ලබා ගන්නා බවට කරන ‍චෝදනාව ප්‍රතික්‍ෂෙප කළ ආචාර්ය සරත් අමුණුගම මහතා යුද සම‍යේ දී පමණක් ව්‍යාපෘති 2ක් සඳහා සියයට 6ක ‍පොලී අනුපාතයට ණය ලබා ‍ගෙන ඇතත් එය යුද අවධානම් සම‍යේ කළ ගනුදෙනු බවත් අනෙක් සෑම අවස්ථාවක දී ම ණය ලබා ‍ගෙන ඇත්තේ සියයට ‍දෙ‍කේ ‍පොලියට බව ද කීය.

‍‍මේ වන විට ර‍ටේ ආර්ථිකය ස්ථාවර වී ඇති නිසා ඕනෑම බැංකුවක් ණය ලබා ‍දීමට ඉදිරිපත් වන බව කී ඇමැතිවරයා එක්සිම් බැංකු‍වෙන් පමණක් ණය ලබා ගැනීමට උනන්දු වන බවට කරන ප්‍රකාශය වැරදි මතයක් බවට අවධාරණය ක‍ළේය.

බැංකුවලින් ණය ලබා ගැනී‍මේ දී ඊට අදාළ වන ව්‍යාපෘති පිළිබඳ එම බැංකු ‍සොයා බැලීමක් කරන බවත් ඒ පිළිබඳ රටට වැරදි මතයක් දීම එජාපය කරන බවත් ආචාර්ය අමුණුගම මහතා කී‍වේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා