ශ්‍රී ලාංකික දරුවන් ඇතුළු සිය ගණනක් ඔස්ට්‍රේලියානු සරණාගත කඳවුරුවලින් නිදහස්

ශ්‍රී ලාංකික දරුවන් ඇතුළු සිය ගණනක් ඔස්ට්‍රේලියානු සරණාගත කඳවුරුවලින් නිදහස්

ඔස්ට්‍රේලියානු සරණාගත කඳවුරුවල රඳවා සිටින ශ්‍රී ලාංකික දරුවන් ඇතුලූ සිය ගණනක් දරුවන් එම කඳවුරුවලින් නිදහස් කිරීමට ඔස්ෙට්‍ර්ලියානු රජය තීරණය කරයි.

ඒ අනුව 2013 වසරේ ජූලි 19 වැනිදාට පෙර එම සරණාගත කඳවුරුවලට පැමිණි වයස අවුරුදු 10 ට අඩු කුඩා දරුවන් මෙලෙස නිදහස් කිරීමට තීරණය කර තිබෙන අතර මානුෂීය පදනම මත මෙම පියවර ගත් බවද ඔස්ට්‍රේලියානු ආගමන විගමන ඇමැති ස්කොට් මොරිසන් මහතා ප්‍රකාශ කර තිබේ.

ඔස්ට්‍රේලියාව, නාවුරු දූපත් සහ ක්‍රිස්මස් දිවයිනේ සරණාගත කඳවුරුවල සිටින කුඩා දරුවන් මෙලෙස නිදහස ලබන අතර කුඩා දරුවන් සමඟ ඔවුන්ගේ මවුපියන් ද  මුදාහැරීමට ඔස්ටේ‍්‍රලියානු බලධාරීන් තීරණය කර ඇත.

වසර අවසානයට පෙර ඔවුන් ඔස්ටේ‍්‍රලියාවේ රැඳවුම් නිවාස වෙත යොමු කෙරෙන අතර එහිදී එම දරුවන්ට පාසල් අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් මෙන්ම ඉංග‍්‍රීසි භාෂාව ඉගැන්වීමට ද පියවර ගෙන තිබේ.

මේ වනවිට නීති විරෝධී ලෙස ඔස්ටේ‍්‍රලියාවට පැමිණි සංක්‍රමණිකයන් අතර කුඩා දරුවන් 870ක් පමණ සිටින  බවට ගණන් බලා ඇති අතර මෙම පිරිස අතරට මෙරට දරුවන්ට අමතරව සිරියානු සහ ඇෆ්ගනිස්ථාන දරුවන්ද ඇතුළත් වෙයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා