නීති විරෝධීව මැලේසියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට එරටින් පිටවීමට තව කල් දෙයි

නීති විරෝධීව මැලේසියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට එරටින් පිටවීමට තව කල් දෙයි

නීති විරෝධී ලෙස මැලේසියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට එරටින් පිටවීමට සඳහා ලබාදී තිබෙන කාලය දීර්ඝ කිරීමට මැලේසියානු රජය තීරණය කරයි.

ඒ අනුව මේ මස 01දා සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ සුළු දඩ මුදලක් පමණක් ගෙවා ඔවුන්ට යළි මව්බිමට පැමිණිය හැකි බව මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

මැලේසියාවේ විවිධ රැකියාවල නිරත දස දහසකට ආසන්න ශ්‍රී ලාංකිකයින්ගෙන් බහුතරය සංචාරක විසා මත රැදී සිටින බවද එය විශාල ගැටලුක් බවද එම මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.

එම නීතිවිරෝධී ක්‍රමවේදය අනුව ඔවුන් පොලිසීයේ රැහැනට අසුවී බන්ධනාගාරවන අවස්ථා ද දක්නට ලැබෙන බව සඳහන් කරන මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය එරට නීතියට අනුව සංචාරක වීසා මත පැමිණ රැකියා කිරීමට නොහැකි බව කියා සිටී.

මෙරට වංචනික තැරැව්කරුවන්ගේ ග්‍රහණයට හසුවී ඔවුන් රැකියා අපේක්ෂාවෙන් විදේශගත වී තිබෙන අතර මෙම ශ්‍රමිකයන්ට බොහෝ අවස්ථාවල දී රැකියා සඳහා වීසා නොලැබෙන බවද මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

විවිධ දුෂ්කරතාවන්ට ගොදුරුවන ඔවුන්ට වසර කිහිපයක් යනතුරුම රටින් පිටවීමට ද අවස්ථාව නොලැබේ. සරණාගතයන් ලෙස ජීවත්වන ශ්‍රමිකයන්ට සළකන සහනයක් ලෙස මැලේසියානු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මේ තීරණය ගෙන ඇත.

ජනවාරි මස සිට මේ දක්වා 2,500 ක් පමණ ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට පැමිණ තිබෙන අතර අගෝස්තු පළමුවන දින සිට මේ දක්වා විදේශිකයන් 15,000ක පමණ ප්‍රමාණයක් රටින් පිටවී ඇති බව මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා