ලිය අබිමන් කැකුළු සිනා මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන ආරම්භ වෙයි

ලිය අබිමන් කැකුළු සිනා මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන ආරම්භ වෙයි

ගම්පහ දිස්ත්‍රික්කයේ පෙරපාසල් අධ්‍යපනය විධිමත් කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද ලිය අබිමන් කැකුළු සිනා මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනේ සමාරම්භක උත්සවය අවසානයේ ලිය අබිමන් සංවිධානයේ සභාපතිනී නීතිඥ පුෂ්පා රාජපක්ෂ මහත්මිය විසින් පුහුණුව ලැබූ ගුරුවරියකට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය සිදු කළ අයුරු.

ලිය අබිමන් කැකුළු සිනා මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන ලිය අභිමන් සංවිධානයේ සභාපතිනී නීතිඥ පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පෙරපාසල් අධ්‍යපනය විධිමත් කිරීමේ අරමුණින් ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද ලිය අබිමන් කැකුළු සිනා මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනේ සමාරම්භක උත්සවය නීතිඥ පුෂ්පා රාජපක්ෂ මහත්මිය ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් රන් අරුණ කාර්යාලයේ දී පැවැත්විණි.

මෙම වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ පෙර පාසැල් ගුරුවරුන් සඳහා පුහුණු වැඩමුළුවක් දවස පුරා එම ස්ථානයේ දී පැවැති අතර මෙම වැඩමුළුව සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන මඟින් පාලනය වන පෙර පාසල් 46ක ගුරුවරියන් 80ක් සහභාගී වී සිටියහ. මෙහිදී පෙර පාසල් අධ්‍යාපනයට අදාළ අංශ කිහිපයක් පිළිබඳව උපදේශකවරුන් විසින් පෙරපාසල් ගුරුවරියන් දැනුවත් කළහ.

“අප වෙත එන දරුවා හඳුනාගනිමු" අංශය යටතේ කැලණිය කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ කාංචනා හතුරුසිංහ මහත්මිය විසින් ද “නටමු ගයමු, ඉගෙන ගනිමු" අංශය යටතේ කැලණිය කලාප සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ සමන් පෙරේරා මහතා විසින්ද දේශන ඉදිරිපත් කළහ.

ගුරු උපදේශක ආර්.ඩී. නලින් මහතා විසින් චිත්‍ර නිර්මාණ පිළිබඳව දේශන පැවැත් වූ අතර විශ්‍රාමික ගුරු උපදේශක ශීලා පද්මපෙරුම මහත්මිය විසින් අත්කම් නිර්මාණ හුරුව පිළිබඳව දේශන පැවැත්වූවාය.

එළිමහන් ක්‍රීඩා පිළිබඳව දේශන පවත්වන ලද්දේ කැලණිය කලාපයේ සෞඛ්‍ය හා ශාරිරික අංශය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා ටොරී සමරසිංහ මහත්මිය විසිනි.

මෙම වැඩමුළුව අවසානයේ ලිය අබිමන් සංවිධානයේ සභාපතිනී නීතිඥ පුෂ්පා රාජපක්ෂ මහත්මිය විසින් පුහුණුව ලැබූ ගුරුවරියන්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීම ද සිදුකෙරිණි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා