සාගර විශ්වවිද්‍යාල පනතට වැඩි ඡන්ද 23යි: එජාපය රජය සමඟ

සාගර විශ්වවිද්‍යාල පනතට වැඩි ඡන්ද 23යි: එජාපය රජය සමඟ

සාගර විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා රජය සමඟ එජාපය ඡන්දය භාවිත කෙළේය. පනත් කෙටුම්පත තෙවන වර කියැවීමේ අවස්ථාවේදී ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් කුමාර මහතා බෙදීමක් ඉල්ලා සිටියේය.

මන්ත්‍රීවරුන් කැඳවීමේ සීනුව නාද කිරීමෙන් පසු ඡන්දය විමසීමේදී කෙටුම්පතට පක්ෂව ඡන්ද 24ක් ලැබුණු අතර විරුද්ධ වූයේ අජිත් කුමාර මහතා පමණි.

මේ අවස්ථාවේදී සභාවේ සිටි එජාප මන්ත්‍රීවරුන් වූ ජෝෂප් මයිකල් පෙරේරා, රවි කරුණානායක හා බුද්ධික පතිරණ යන මහත්වරු කෙටුම්පතට පක්ෂව ඡන්දය දුන්හ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා