තලෙයිමන්නාරමට පනිද්දී ශ්‍රී ලාංකික 2ක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

තලෙයිමන්නාරමට පනිද්දී ශ්‍රී ලාංකික 2ක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

රහසිගත ලෙස තලෙයිමන්නාරමට පලායාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් ති‍දෙනෙකු ඉන්දියාවේ ධනුෂ්කොඩි හිදී අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් එක් ලාංකිකයෙකු කොතන්දරමාකොයිල් (Kothandaramarkoil) ප්‍රදේශයේ සිට තලෙයිමන්නාරම බලා පලායාමට උත්සාහ කළ අවස්ථාවේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන අතර තලෙයි මන්නාරමට පැමිණීමට නොහැකිව යළි පැමිණෙමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ.

ධීවරයන්ගෙන් ලද තොරතුරකට අනුව ඉන්දීය පොලීසිය මඟින් මේ පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන අතර ෂන්මුගම් නැමැත්තාට නීත්‍යානුකූල විදේශ ගමන් බලපත්‍රයක් තිබුණද ඔහුගේ වීසා බලපත්‍රය මාසයකට පෙර කල් ඉකුත් වී ඇති බව පොලිසිය ප්‍රකාශකර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇන්ටනි ෆ්‍රැන්සිස් නමැති වව්නියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙක් වන අතර අත්අඩංගුවට පත් අනෙක් ශ්‍රී ලාංකිකයාව බෝට්ටු මාර්ගයෙන් තලෙයිමන්නාරමට රැගෙන යන බවට පොරොන්දු වූ ෂන්මුගම් නැමැති සරණාගතයෙකු බවද වාර්තා වෙයි.

ඔහු ඉන්දියාවේ මණ්ඩපම් ප්‍රදේශයේ පිහිටි සරණාගත කඳවුරක රැඳී සිට ඇති අතර අදාළ ලාංකිකයා තලෙයිමන්නාරමට රැගෙන යාම සඳහා රුපියල් 40,000 ක මුදලක් ලබාගෙන ඇති බවද එම වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත් ෂන්මුගම් නැමැත්තා අවස්ථා කිහිපයකදීම ඉන්දියාවේ වෙසෙන ලාංකිය දෙමළ පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන ඔවුන් මෙරටට රැගෙන එන බවට පවසා ජාවාරම් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා