සරත් ෆොන්සේකාගේ පෞද්ගලික ලේකම්ට වරෙන්තු

සරත් ෆොන්සේකාගේ පෞද්ගලික ලේකම්ට වරෙන්තු

සරත් පොන්සේකා මහතාගේ පුද්ගලික ලේකම් කපිතාන් සේනක හරිප්‍රියද සිල්වා විත්තිකරුට කොළඹ මහාධිකරණය ඊයේ(20) වරෙන්තු නිකුත් කෙළේය.

මහාධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ‍මහාධිකරණ විනිසුරු රෝහිණි වල්ගම මහත්මිය මේ වරෙන්තුව නිකුත් කළාය.

යුද හමුදාව හැරගිය සෙබළුන් දස දෙනකුට නවාතැන් පහසුකම් සපයමින් ඔවුන් ශ්‍රි ලංකා රජරජය කෙරෙහි පවතින රාජ පාක්ෂික භාවයෙන් ඉවත් කිරිමට කුමන්ත්‍රණය කිරිම යන චොදනාව යටතේසරත් පොන්සේකා මහතාට හා හරිප්‍රිය මහතාට එරෙහිව නීතිපතිවරයා පැවරූ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තුව නිකුත් කෙරිණි .

ඊයේ දිනයේ පොන්සේකා මහතා අධිකරණයේ පෙනී සිටියද හරිප්‍රිය මහතා පෙනී නොසිටියේය.

දෙවැනි විත්තිකරු අත්වැරදිමක් හෝ වාහන තදබදයක් හේතුවෙන් අධිකරණයට පැමිණ නොමැති බව ඔහුගේ නිතිඥවරයා පැවසීය.

ඇප මත සිටින සැකකරු පසුගිය නඩුවාරයේදි ඇප‍ කොන්දේසියක් මත අධිකරණ බාරයේ තබා ඇති විදේශ ගමන් බලපත්‍රය ලබා ගෙන ඇති අතර එය නැවත පසුගිය හත්වෙනි දින අධිකරණයට ඉදිරිපත් ‍කර නොමැති බව රජයේ නීතිඥ මාධව තෙන්නකෝන් මහතා පැවසීය.

එම ගමන් බලපත්‍රය පසුගිය 11 දින ලබා දී ඇති බව ඔහුගේ නීතිඥවරයා පැවසීය.

පොන්සේකා මහතාගේ නීතිඥ සාලිය පීරිස් මහතාගේ පුද්ගලික හේතුවක් මත නඩුව කල් තබන ලෙස අධිකරණයෙන්කළ ඉල්ලීමක් සලකා බැලු විනිසුරු තුමිය නඩු විභාගය සැප්තැම්බර් 04 දිනට කල් තැබුවාය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා